By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හවුලේ භාවිතා කිරීමේ ක්‍රමවේදයකට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කාලයේදී අදාළ රාජකාරී සදහා රැඳී සිටීමට ස්ථානයක් අවශ්‍යම වීම සලකමින් නිවාස ලබාදෙන අතර නිල නිවාස සංකීර්ණයේ නිවාස 108ක් මන්ත්‍රීවරුන් සදහා ලබාදීමට නියමිතය.
මාදිවෙල 108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සදහාත්, 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සදහා වෙන්කර ඇත.
ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා නොදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස කිහිප දෙනෙකු හවුලේ භාවිතා කිරීමටත් අවධානය යොමුව ඇත.
පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සදහා අයදුම්පත් යොමුකළ හැකිය.