Electric සහ Hybrid වාහන ගෙන්වීමට ප්‍රමුඛතාව.. ආනයන සමාගම් අත්තිකාරම් ගනී.!

වාහන ආනයනය 2025 අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි සිදුකිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය ආරම්භ කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික වාහන ආනයනය කිරීමේ දී විද්‍යුත් සහ දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට එහිදී රජයේ වැඩි අවධානය යොමුව ඇති බව පැවසේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ වාහන ආනයනය කරනා පෞද්ගලික සමාගමක් මේ වන විට පාරිභෝගිකයන්ගෙන් මුදල් අත්තිකාරම්ද ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි.

එම සමාගම විසින් මේ වනවිට පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ වාහන ආනයනය කරදීම සඳහා අත්තිකාරම් මුදල්ද ලබාගෙන අවසන් බවයි.

කෙසේවෙතත් එම සංගමය පවසන්නේ එය නීතිවිරෝධී කටයුත්තක් බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.