By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ නව රජය ජාත්‍යන්තර මුල්‍ය වැඩ අරමුදලේ වැඩපිළිවෙල සමග ඉදිරියට යාම ගැන තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතනා බවයි.
කොල්ලුපිටියේ ඉදිකෙරුනු දේශීය ආයෝජනයක් වන ජාත්‍යන්තර අමාරි හෝටල් ජාලයේ නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙම හෝටල් ව්‍යාතිය දේශීය ව්‍යාපාරිකයෙකු වන සුප්‍රකට මැණික් ව්‍යාපාරික විනිල් මහතාගේ ආයෝජනයකි.
මෙම හෝටලය ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති විජිත හේරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද මඟුල් බෙර යන් වාදනය මැද්දේ කැඳවාගෙන එනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනපති වරයා.,
“රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා“