By unusuma.lk on
(LK time)වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසන්නේ වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ මඩ සහිත කුඹුරක මඩේ ැරී සිටිනා ඇතින්න ගොඩට ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් උත්සාහ දැරුවද එම උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි.
ඇතින්න ඔසවා තැබුවද වයසින් වැඩීවම සහ දින ගනනාවක් මඩේ එරී සිටීමෙන් දුර්වල වීම හේතුවෙන් ඇවිදීමට නොහැකි තත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහත ඇතුලු වනජීවි නිලධාරීන් විසින් ඊයේ (30) දිනය පුරා පළමුව ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර කොට නැගිටවීමට උත්සහ ගත්තද එය අසාර්ථක වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් අදාල ස්ථානයට රැගෙන ගොස් පැය කිහිපයක දැඩි ප්රයත්නයක් දරා ඇතින්න ඔසවා තැබුවද ඒයද අසාර්ථාක වී ඇති බව සඳහන්.
මෙම ඇතින්න අවුරුදු 50 කට වඩා වයසින් යුතු ාතර දෙවරක් පමණ ගැබ්බර වී ඇති බවටත් වයසින් වැඩි ඉතා දුර්වල තත්වයේ සිටියදී අධික වර්ෂාව හමුවේ කුඹුර මතින් යාමේදී මඩේ එරී ඇති බව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.