By unusuma.lk on
(LK time)ලාෆ් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් පීරිස් මහතා පවසන්නේ ලාෆ් ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නැති බව
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 22,000 ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවත් එම ගෑස් තොග රටපුරා බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු පවසයි.
පසුගිය දිනවල රට පුරා පැවති ගෑස් හිඟය අවසන් කරමින් දිනකට ලක්ෂයක පමණ ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් බෙදා හැරීම් කටයුතු සිදු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.