මහ මෝල් අමාරුව සුවයි.. ආනයනික සහල් වෙළෙඳපොළට.!

මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙරට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී ඉන්දියාවේ සිට ආනයනය කර ඇති බව සඳහන් සම්බා සහ සුදු කැකුළු සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බවයි.

මේ අතර සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසූවේ, ආනයනික සහල් ද වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.