By unusuma.lk on
(LK time)එළඹෙන 17 වෙනිදා රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමින් කතානායක අශෝක රන්වල මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට සමාජ පුරා මහත් මතභේදයට දුඩු දී ඇති ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් කතානායකවරයාට ඇති බව කියන ආචාර්ය උපාධිය ව්‍යාජ බවට සමාජයෙන් දැඩි විවේචන එල්ලවී ඇති පසුබිමක කතානායකවරයා මෙතෙක් ඒ පිළිබඳව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නැත.