හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවතට.!

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තත්ත්ව වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව හැටකට අඩු කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් හැට හත් දෙනෙකු රඳවා සෙසු පිරිස මෙසේ මාරුකර යවා ඇත.

හිටපු ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේනගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් එකකට අඩු කර ඇති අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂකයන් සංඛ්‍යාව පනස් අටකට සීමා කර ඇත.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් සංඛ්‍යාවද ඉදිරියේදී අඩු කිරීමට  නියමිත බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.