උසාවියෙන් ගල් කාල් 200ක් ගල් කරලා.!

වාලච්චේන පොලිසිය පවසන්නේ වාලච්චේන අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තබා තිබූ අති විශේෂ වර්ගයේ අරක්කු (කාලේ) බෝතල් දෙසීයක් පමණ සොරකම් කර ඇති බවයි.

මෙම සිදුවීම සත්‍යක් බවට නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සනාථ කර ඇත.

සොරකම සම්බන්ධයෙන් 30 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත.

අදාල සැකකරු මීට පෙරද සොරකම් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් අයකු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මූලාශ්‍රය – දිවයින පුවත්පත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.