කාණ්ඩ තුනක් යටතේ දරුවන්ට මුදල්.. අවසන් දිනය දෙසැම්බර් 31ක.!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය දෙසැම්බර් මස (31) වැනිදායින් අවසන් වන බවයි.

රටවිරු දූ දරු ශිෂ්‍යත්වය පිරිනැමීම පිළිබද පාසල් මට්ටමින් විගමණික ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සදහා යොමු කරන ලෙසද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

එම ශිෂ්‍යත්ව කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබන අතර මුදලින් රුපියල් 25,000ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇති දරුවන්ට පිරිනමනු ලබයි.

මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් කළ හැකි අතර මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සදහා විදේශගතව සිටින ලාංකික මව්පියන්ගේ දරුවන් උදෙසාය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.