විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි (22) සහ (23) යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි (22) සහ (23) යන දින දෙක විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

