පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම (31) දින සිදුවිය.
මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලු පහසුකම් සපයාගැනීම සහරාන් හෂීම් විසින්ම සිදුකර ඇති බැවින් මහ මොළකරු සහරාන් හැර වෙනත් අයකු විය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.
එම ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය එක්රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සහරාන් විසින්ම සිදුකර ඇති බවත් බෝම්බ පිපිරවිය යුතු ස්ථාන තීරණය කර ඇත්තේ ඔහු විසින්ම බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.
ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ එම සංවිධාන නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරයේ සියලු මෙහෙයවීම් සිදුකළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.
මහ මොළකරු ලෙස සහරාන්ව හැඳින්වීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවන බවත් මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප්‍රතිපාදන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් ලබාදී ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

