මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා, ලබන (06) වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
මාලෙ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ‘UL 116’ දරන ගුවන් යානයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුට අමතරව ජනාධිපති ආර්යාව සමගින් උසස් නිලධාරීන් 20 දෙනෙකු මෙලෙස කටුනායක වෙත පැමිණ ඇත.
පසුගිය 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.


