තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නිසා විශේෂ වරප්‍රසාද වලින් වැජඹුණු සමහරු වියරු වැටිලා

ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීම නිසා විශේෂ වරප්‍රසාද වලින් වැජඹුණු සමහරුන් වියරු වැටිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

තමන් විශේෂයි කියා සිතමින් අනෙකා පීඩාවට පත් කළ පුද්ගලයින් තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල විය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සෑම පුරවැසියෙකුටම සමාන වරප්‍රසාද සහිතව ජීවත් වීමේ නිදහස සහතික විය යුතුයි. මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් විය යුතුයි.

අපේ සාමජය පුරුදු වී තිබුණා එක්කෝ මහා බල අධිකාරින් ඉදිරිපිට දණගහගෙන ජීවත් වීමට. එසේ නැතිනම් බියට පත් වී ජීවත් වීමට. ඇතැම් කණ්ඩායමකට නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත් වීමට පුරුදු නැහැ. ඔවුන් කැමති ගැටුම්, අපහාස, අවලාද වලට. එහෙත් අපි කැප වී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස් රාජ්‍යයක් වෙනුවෙන්.

හැකියාව, දක්ෂතාව සහ කුසලතාව ඇති සියලු දෙනාට ඉදිරියට ආ හැකි රටක් නිර්මාණය කළ යුතුයි. විශේෂ වරප්‍රසාදවලින් වැජඹුණු සමහරුන්ට එය වේදනාවට කාරණයක් විය හැකියි.

තමන් විශේෂයි කියා සිතමින් අනෙකා පීඩාවට පත් කළ අය තවදුරටත් විශේෂ නොවීම නිසා කලබල විය හැකියි. ඉතිහාසයේ කිසිදා නොවූ ලෙස තරාතිරම නොබලා නීතිය හඹා ඒම ගැන ඔවුන් වියරු වැටිය හැකියි. එහෙත් අපි සර්ව සාධාරණත්වය උදෙසා කොන්දේසි විරහිතව කැප වී සිටිනවා. ජනතා අභිලාෂයන් තිරසාරව ඉටු කරනවා.”

17වන ජාතික රණවිරු දින සැමරුම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments