ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 155ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත් විය.
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංණයේදි අවසාන මහා තරගය පැවැත්විණ.
