බන්ධනාගාරගත භික්ෂූන්ට එළියට වැඩම කිරීමේදී චීවරය දැරීමට අවසර

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේ නමක් එම බන්ධනාගාරයෙන් බැහැරට වැඩම කරවන්නේ නම්, උන්වහන්සේට චීවරය පැළඳ සිටීමට අවසර ලබාදීමට කමිටු නිර්දේශ ලැබී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙස නිල වශයෙන් දැනුම් දෙනතුරු එම අයිතිය නොවෙනස්ව පවතින පරිදි බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

එමෙන්ම බන්ධනාගාර නීති යාවත්කාලීන කමිටු නිර්දේශ අනුව නිත්‍ය නියෝග ‘356’වෙනුවට 356 (අ) ලෙස සංශෝධනයක් සහ 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනයට අතුරු විධානයක් අදාළ කමිටුව විසින් යෝජනා කර ඇත.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 ‘අ’ ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය සිරකරු ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබේ බන්ධනාගාර කොමසාරිස්ට.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකුරුවෙකු වුණොත් මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස් කරගමින් එයට අදළ කරගත යුතු වෙනවා. එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතු වෙලා සංශෝධනයක් එනවා.

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් එළියට රැගෙන යනවා නම් එවන් අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා.“

0 Comments
Most Voted
Newest Oldest