ජනපති අනුරගේ උපදෙස් මත අග්බෝ සොයන්න විශේෂ බල ඇණියක්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ නියෝග මත අග්බෝ වන අලියා සොයා මෙහෙයුමක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රදේශයේ වනගත භූමිය තුළ අග්බෝ වන අලියා සොයා වනජීවී නිලධාරීන් සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත බල ඇණියක් මෙහෙයුම් වල නිරතව සිටියි.

අග්බෝ වන අලියා කඩිනමින් සොයාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා කණ්ඩායම වහාම යෙදවීමට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?