By unusuma.lk on
(LK time)සමාජ මාධ්‍ය තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් කාන්තාවන් දෙදෙනෙක් වන අනූ-කනූ නම් නිවුන් සහෝදරියන් දෙදෙනාගෙන් එක් කාන්තාවකගේ යැයි පැවසෙන නිරුවත් වීඩියෝ පටයක් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් මහත් ආන්දෝලනයකට ලක් විය.
පසුව එම කාන්තාවන් දෙදෙනා එම වීඩියෝව AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද්දක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද ලබාදෙන ලදී.
කෙසේවෙතත් අද තරුණයෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ එම වීඩියෝව සම්බන්ධයෙන් අදාල තරුණයාට එරෙහිව එම කාන්තාවන් දෙදෙනා පැමිණිල්ලක් කර ඇති බැවින් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්ණ කළ බවයි.
එමෙන්ම 2022 වසරේ අදාළ තරුණියන් දෙදෙනා තමාට අයත් මෝටර් රථයක් පැහැරගත් බවත් දේශපාලන මැදිහත්වීම් හරහා පොලීසිය මෙහෙයවමින් තමාට වසර ගනනාවක් පුරා අදාල කාන්තාවන් විසින් පීඩාවන් සිදුකරමින් සිටිනා බවත් ඔහු පවසයි.
අදාළ තරුණයා විසින් පැවැත්වූ මාධ්‍ය හමුව,