Local news

රට පැන්න ශිරන්තිට හරි වගේ.. ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට.?

රට පැන්න ශිරන්තිට හරි වගේ.. ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබාදුන් කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැතිනම් විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ.

එම විදෙස් ගමන් තහනම ඉල්ලා සිටීමෙන් අනතුරුව ලැබෙන නියෝගයෙන් පසුව ශිරන්ති රාජපක්ෂ මෙරට ගුවන්තොටුපළ වෙත පැමිණි විගස අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇත.

සිංගප්පූරුවේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පිටව ගොස් සිටින ශිරන්ති රාජපක්ෂට ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීම සඳහා දින 14ක කාලයක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඥනසාර හිමි අධිකරණයට

ඥනසාර හිමි අධිකරණයට

අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න

නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න

මේ රටේ නීතිය තිබිය යුතු බවත් එනිසා නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ අනීතික ලෙස අත්අඩංගුවට ගත්තා නම් හෙට දිනයේ ඕනෑම පුරවැසියෙකුගේ දරුවෙක් එලෙස අනීතික ලෙස අත්අඩංගුවට ගත හැකි බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ,

“ඔබගේ තරුණ දියණිය එළියට ගියාම ගමේ ඉන්න ජේවීපි කාරයට ඒ කෙල්ල ගැන හිතක් පහළ වුණොත් එයා නිරුපද්‍රිතව ගෙදර එයි කියලා තියෙන මොකක්ද ආරක්ෂණය.

මෙන්න මේ ආරක්ෂණයට තමයි අපිට මේ රටේ නීතිය තියෙන්න ඕන. ඒක නිසා තමයි අපි නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන්නේ. ලබ්බට තියපු අත පුහුලටත් තියනවා අපෙ හාමුදුරුවනේ.

මෙන්න මේ කාරණය නිසා තමයි රටක නීතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි මේ රටක නීතිය පැතිරෙන්න ඕනි. නාමල් රාජපක්ෂ කෙඳිරි ගාන්නේ නෑ. අපි කෙඳිරි ගාන්නේ නෑ.”

කාලගුණය කැළඹෙයි.. අවවාදාත්මක නිවේදනයක්

කාලගුණය කැළඹෙයි.. අවවාදාත්මක නිවේදනයක්

ගිගුරුමි සහිත තද වැසි සහ ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත් සහ ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර අදාළ අනතුරු ඇඟවීම හෙට (05) දින පෙරවරු 01.00 දක්වා වලංගු වේ.

මේ අතර අද (04) දින මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි තෙල් පිරිපහදුවකට හූති මිසයිල ප්‍රහාර

සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කරයි.

යේමනයේ සානා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව හූති සටන්කාමීන් සඳහන් කරයි.

මෙම මෙහෙයුම සාර්ථකව එහි අරමුණ සාක්ෂාත් කරගත් අතර ඉලක්කගත ස්ථානවල ගිනි තැබීම් ඇති කළ බව හූති හමුදා ප්‍රකාශක යාහ්යා සාරි රූපවාහිනී ප්‍රකාශයකින් සඳහන් කර ඇත.

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද දිස්ත්‍රික්ක රැසකට වැසි

අද (04) දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අත්අඩංගුවට ගත් ඥනසාර හිමි අපරාධ විමර්ශන කොට්ඨාශයට කුදලාගෙන එයි

අත්අඩංගුවට ගත් ඥනසාර හිමි අපරාධ විමර්ශන කොට්ඨාශයට කුදලාගෙන එයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගිය (01) වනදා විවෘත වරෙන්තු නිකුත් කළ අතර විදේශ ගමන් තහනමක් ද පැනවිය.

ඒ අනුව අදාළ ⁣වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අභියෝග තුනයි.. පොලිස් නිලධාරීන් රැසකට වැඩ වරදින ලකුණු

අභියෝග තුනයි.. පොලිස් නිලධාරීන් රැසකට වැඩ වරදින ලකුණු

ප්‍රධාන අභියෝග තුනක් පොලීසිය හමුවේ පවතින බවත් ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.

වසරකට නිලධාරීන් 2,000 – 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර හදිසි අනතුරු සහ ස්වාභාවික හේතූන් මත තවත් 250ක් පමණ මියයාම හෝ ආබාධිත තත්ත්වයට පත් වන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.

විනය පාලනයක් නැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ,

“මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා.

ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා.

ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා.

මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්… කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.“

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

අද (03) රාත්‍රියේ කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඇත.

එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇති බවත් අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලොකු පැටීගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක කරයි.

එම වෙඩික්කරුවන් පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Colombo Port City එකට ඇතුළු වෙනකොටම මුලින්ම ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන විශේෂ location එකක් ගැන මේ දවස්වල දේපළ වෙළෙඳපොළේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඒ තමයි Prime Group සහ Melwa එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2.

විශේෂත්වය තියෙන්නේ location එකේමයි. Port City Colombo වෙත ඇතුළු වන ස්ථානයේ සිට Marina එක දක්වා විහිදෙන මෙම භූමි ප්‍රදේශය, Port City ට පැමිණෙන කෙනෙකුට මුලින්ම හමුවන location එකක්. ඒකටත් වඩා, Marina එකට මුහුණලා පිහිටීම නිසා මේ location එක සාමාන්‍ය Port City address එකකට වඩා වෙනස් බවයි කතාබහට ලක්වෙන්නේ.

ලෝකයේ ප්‍රධාන නගර දිහා බැලුවත් Marina-front properties කියන්නේ සීමිත supply එකක් තියෙන දේපළ වර්ගයක්. කොළඹ Port City එකෙන් 1%ක් පමණයි Marina-front.

ඒ 1% ඇතුළේ තියෙන address එකක් Prime Marina 2. ඒ නිසාම Marina එක ඉදිරිපිටම තියෙන මෙවැනි location එකක් ගැන ආයෝජකයන්ගේ අවධානය යොමුවීම පුදුමයක් නෙවෙයි.

විශේෂයෙන්ම Colombo Port City එක business සහ lifestyle destination එකක් ලෙස තවදුරටත් වර්ධනය වෙද්දී, එහි entrance එකේම Marina-facing property එකකට හිමිකම් කියන්න ලැබීමත් එක්ක Prime Marina 2 ගැන දේශීය ආයෝජකයන් අතර විතරක් නෙවෙයි, විදෙශීය ආයෝජකයන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරත් උනන්දුවක් ඇති වෙමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එකට හේතුව ඉහලම capital appreciation එකක් වගේම ඉහල rental income එකක් ගන්න පුළුවන් නිසා. ඒ වගේම Port City එක සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙන්න අවු. 10ක් 15ක් ගත වුනත් මේ Location එක තියන Area එක තමයි මුලින්ම fully Function වෙන තත්ත්වයකට එන්නේ. ඒක තවත් Advantage එකක්.

තවත් කතාබහට ලක්වන කරුණක් තමයි මේ location එකේ future potential එක. Marina එකට මුහුණලා ඇති ඉදිරිපස locations සීමිත වීම නිසා, ඉදිරියේදී Port City එක තව තවත් සංවර්ධනය වුණත් මෙවැනි frontline Marina location එකක් ලංකාවේ නැවත නිර්මාණය නොවන නිසා ක්ෂේත්‍රයේ වගේම කලාපයේම අවධානයට ලක්වෙලා තියෙන්නේ.

ඒ අතරේ Prime Marina 2 සඳහා රුපියල් මිලියන 59කින් ආරම්භ වන හඳුන්වාදීමේ මිලක් නියම කර තිබීමත් විශේෂ අවධානයක් දිනාගෙන තියෙනවා.

කොළඹ නගරයට පහසු ප්‍රවේශය, Marina එකට ඇති සමීපත්වය සහ Port City හි වර්ධනය වන Marina lifestyle ecosystem එකත් එක්ක, මේ location එක දේපළ ආයෝජකයන් අතර කතාබහට ලක්වීම අහම්බයක් නෙවෙයි.

ඒ නිසාම මේ දවස්වල Port City Colombo ගැන කතා කරනකොට අලුතින්ම ඇහෙන නම තමයි Prime Marina 2.

✕
⌃ News
📰 Free News Subscription?