Local news

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

මහ රෑ ඝාතනයකට යමින් සිටි දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

අද (03) රාත්‍රියේ කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී ඝාතනයකට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඇත.

එම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් අයෙකු රෝහල් ගත කර ඇති බවත් අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ලොකු පැටීගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු විසින් කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක කරයි.

එම වෙඩික්කරුවන් පොලිසියට හසුවීමෙන් පසු පලායාමට උත්සාහා දැරීමේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් සතුව තිබී ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්.. ඇත්තටම ඒකට හේතුව මොකක්ද.?

Colombo Port City එකට ඇතුළු වෙනකොටම මුලින්ම ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන විශේෂ location එකක් ගැන මේ දවස්වල දේපළ වෙළෙඳපොළේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඒ තමයි Prime Group සහ Melwa එක්ව ඉදි කරන Prime Marina ව්‍යාපෘතියේ දෙවන අදියර වන Prime Marina 2.

විශේෂත්වය තියෙන්නේ location එකේමයි. Port City Colombo වෙත ඇතුළු වන ස්ථානයේ සිට Marina එක දක්වා විහිදෙන මෙම භූමි ප්‍රදේශය, Port City ට පැමිණෙන කෙනෙකුට මුලින්ම හමුවන location එකක්. ඒකටත් වඩා, Marina එකට මුහුණලා පිහිටීම නිසා මේ location එක සාමාන්‍ය Port City address එකකට වඩා වෙනස් බවයි කතාබහට ලක්වෙන්නේ.

ලෝකයේ ප්‍රධාන නගර දිහා බැලුවත් Marina-front properties කියන්නේ සීමිත supply එකක් තියෙන දේපළ වර්ගයක්. කොළඹ Port City එකෙන් 1%ක් පමණයි Marina-front.

ඒ 1% ඇතුළේ තියෙන address එකක් Prime Marina 2. ඒ නිසාම Marina එක ඉදිරිපිටම තියෙන මෙවැනි location එකක් ගැන ආයෝජකයන්ගේ අවධානය යොමුවීම පුදුමයක් නෙවෙයි.

විශේෂයෙන්ම Colombo Port City එක business සහ lifestyle destination එකක් ලෙස තවදුරටත් වර්ධනය වෙද්දී, එහි entrance එකේම Marina-facing property එකකට හිමිකම් කියන්න ලැබීමත් එක්ක Prime Marina 2 ගැන දේශීය ආයෝජකයන් අතර විතරක් නෙවෙයි, විදෙශීය ආයෝජකයන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරත් උනන්දුවක් ඇති වෙමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එකට හේතුව ඉහලම capital appreciation එකක් වගේම ඉහල rental income එකක් ගන්න පුළුවන් නිසා. ඒ වගේම Port City එක සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙන්න අවු. 10ක් 15ක් ගත වුනත් මේ Location එක තියන Area එක තමයි මුලින්ම fully Function වෙන තත්ත්වයකට එන්නේ. ඒක තවත් Advantage එකක්.

තවත් කතාබහට ලක්වන කරුණක් තමයි මේ location එකේ future potential එක. Marina එකට මුහුණලා ඇති ඉදිරිපස locations සීමිත වීම නිසා, ඉදිරියේදී Port City එක තව තවත් සංවර්ධනය වුණත් මෙවැනි frontline Marina location එකක් ලංකාවේ නැවත නිර්මාණය නොවන නිසා ක්ෂේත්‍රයේ වගේම කලාපයේම අවධානයට ලක්වෙලා තියෙන්නේ.

ඒ අතරේ Prime Marina 2 සඳහා රුපියල් මිලියන 59කින් ආරම්භ වන හඳුන්වාදීමේ මිලක් නියම කර තිබීමත් විශේෂ අවධානයක් දිනාගෙන තියෙනවා.

කොළඹ නගරයට පහසු ප්‍රවේශය, Marina එකට ඇති සමීපත්වය සහ Port City හි වර්ධනය වන Marina lifestyle ecosystem එකත් එක්ක, මේ location එක දේපළ ආයෝජකයන් අතර කතාබහට ලක්වීම අහම්බයක් නෙවෙයි.

ඒ නිසාම මේ දවස්වල Port City Colombo ගැන කතා කරනකොට අලුතින්ම ඇහෙන නම තමයි Prime Marina 2.

විරෝධතාවට එක්වූ හයක් අත්අඩංගුවට

විරෝධතාවට එක්වූ හයක් අත්අඩංගුවට

අද (03) දින ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පා ගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ කළේය.

එම පා ගමන බොරැල්ල මංසන්ධියෙන්, මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණි අතර අනතුරුව පිරිස විරෝධතාවක් පැවැත්විය.

ඥනසාර හිමිගේ හැංගිමුත්තං සෙල්ලම අවසන්.. අත්අඩංගුවට ගනී

ඥනසාර හිමිගේ හැංගිමුත්තං සෙල්ලම අවසන්.. අත්අඩංගුවට ගනී

අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි තිනියාවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු තුනක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු ප්‍රකාරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.

විදුලි බිල අඩු කිරීම ගැන සුභ ආරංචියක්

විදුලි බිල අඩු කිරීම ගැන සුභ ආරංචියක්

පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කර ගැනීමත් සමග ක්‍රමිකව විදුලි බිල අඩු කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

එළඹෙන 2030 වසර වනවිට විදුලි බිල 30%කින් අඩු කිරීමට සහ 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.

ඉතාම වේගයෙන්ම යා හැකි තාක්ෂණය බැටරි තාක්ෂණය බැවින් එම තාක්ෂණය ගෙනැවිත් හැකි ඉක්මනින්ම දහවල් තිබෙන ජනනය රාත්‍රී කාලයට යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවද සඳහන් කරයි.

සූර්යබල ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු වු විට එය රටට විශාල ජයග්‍රහණයක් බවත් එනිසා දහවල් කාලයේ විදුලි උත්පාදනයට යන වියදම අඩුකර ගැනීමට හැකි වු බවද සඳහන් කරයි.

වාහන පවරාගැනීම – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

වාහන පවරාගැනීම – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් වලින් ලබාගත් වාහන සහ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

මූල්‍යකරණය යටතේ ලබාගත් යම් දෙයක් වේ නම් එය නැවත ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණයට යටතේ 27 වෙනි වගන්තියේ පැහැදිලි කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ,

“අපි මතක් කරන්නට අවශ්‍යයි කල්බදු සමාගම්, මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු කල්බදු මූල්‍යකරණයට යටත්කර ඇති උපකරණයක සන්තකයට ලබා ගැනීමට ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව විධි විධාන වසර 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණය යටතේ 27 වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා.

මෙහිදී බදු දෙන්නා විසින් අදාළ උපකරණය අයිති ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත එම අයිතිවාසිකම පිළිබඳව පෙර දැනුවත් කළ යුතුව තිබෙනවා. මෙම දැනුම්දීම හරහා මෙම බදු දෙන්නා විසින් එම අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී යම් සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

එහිදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකුගේ ඒ අවශ්‍ය සහාය ලබා දී ඒ අවශ්‍ය පියවර ගැනීමටත් හැකියාව තියෙනවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම උපකරණය සන්තකයේ ඇති අයගේ යම් කිසි ප්‍රතිරෝධය පෑමක් නොමැති නම් කිසිදු සාමය කඩවීමක් නොවී බදු දෙන්නාට ඒ උපකරණය තමා සන්තකයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

කෙසේ නමුත් එම උපකරණය තමා සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝදයක් එල්ල වූ අවස්ථාවේදී බදු දෙන්නා විසින් ඊට අදාළව දිසා අධිකරණයේ පිහිට පැතිය යුතුයි. සමහර අවස්ථාවලදී මෙම දිසා අධිකරණයේ පිහිට නොපතා මේ ප්‍රතිපාදන වලට පරිභාහිරව ක්‍රියා කිරීම මගින් විශේෂයෙන් බදු දීමනාකරු හො ඔහුගේ නියෝජිතයෙකු විසින් නෛතික තත්ත්වය මුහුණ පෑමටත් සිදුවෙනවා.

මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමේදී සාපරාධී වරදක්, අපරාධමය වරදක් නිර්මාණය වුවහොත්, අපි කතාවෙන කොල්ලකෑමක් වශයෙන් හෝ සාපරාධී අයුතු ඇතුළ්වීමක් හෝ බලෙන් ලබා ගැනීමක් වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.”

ශිරන්ති – යෝෂිතගේ ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාල වාහන තුනක් තවත් අපරාධ වලට

ශිරන්ති – යෝෂිතගේ ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාල වාහන තුනක් තවත් අපරාධ වලට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශන වලදී හෙළිවූ, එම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වාහන 3ක් තවත් අපරාධ ගණනාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට මේ ඩබල් කැබ් රථ 3ක් ලබාදී ඇති බව වාර්තා වේ.

එම ඩබල් කැබ් රථ 3 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සමග ඍජුවම සම්බන්ධ බවට විමර්ශන අංශ මීට පෙර තොරතුරු අනාවරණය කරගෙන තිබුණ බව වාර්තා වේ.

මෙම වාහන 3ට අදාළ ධාවන සටහන් නොමැති වීම සහ තිබෙන ධාවන සටහන් විධිමත් නොවීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇත.

එම වාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, ඒවා වෙනත් අපරාධ සඳහා යොදාගෙන ඇති බවත් පාර්ශ්ව ගණනාවක් ඒවා භාවිත කර ඇති බවයි.

ඉන්ධන ලීටරයකට රජයෙන් ලැබෙන සහනාධාර මුදල

ඉන්ධන ලීටරයකට රජයෙන් ලැබෙන සහනාධාර මුදල

ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 80 – 100ත් අතර සහනාධාරයක් රජය මගින් ලබාදීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඒ අනුව, මේ මස අවසානයේ සිට එම සහනාධාරය ලබාදීමට අවධානය යොමුවී ඇති බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

ඉන්ධන අලෙවි කිරීමෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන අලෙවි කරන සමාගම් ලබන පාඩුව පිළිබඳව සංඛ්‍යා දත්ත මේ වනවිට ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලබාදෙන සහනාධාර මුදල කොපමණද යන්න නිශ්චිතවම තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අලුත්ම වෙනස ජනපති ප්‍රධානත්වයෙන්

අලුත්ම වෙනස ජනපති ප්‍රධානත්වයෙන්

මෙරටට අලුතින් ගෙන්වන ලද මෙට්‍රෝ බස් 104 ලබන (29) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ධාවනය ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව නව මෙට්‍රෝ බස් 104 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාතේ මාර්ග 7ක ධාවනය සදහා යෙදවීමට නියමිතය.

මගී ජනතාවට ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙන්ම පෞද්ගලික වාහන භාවිතය සහ කොළඹ නගරයේ රථවාහන තදබදය අඩු කිරීමට දායක වීම මෙම වැඩපිළිවෙළේ අරමුණු වේ.

බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වන නියමිත වේලාවන්හිදී සියලුම බස් රථවලට ඒවා භාවිත කළ හැකි බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න සඳහන් කරයි.

එම වේලාවන්හිදී වෙනත් වාහන මෙම මංතීරු භාවිත නොකර අදාළ රථවාහන නීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කරයි.

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

සමගි ජන බලවේගය විසින් කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?