Local news

22 වන සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සම්මත කිරීමට පක්ෂව ඡන්ද 158ක් ලැබී ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 63ක් ලැබී අති අතර ඡන්දය දීමෙන් වැලකී සිටි කිසිවෙක් නොමැත.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

අනතුරුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම සංශෝධන සහිතව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරගන්නා ලදී.

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක්

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක්

ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික්ක රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

සරණගේ බිරිඳට දුන් නියෝගය

සරණගේ බිරිඳට දුන් නියෝගය

අල්ලස් පිරිනැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස (06) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම්ට දුන් නියෝගය

චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම්ට දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායකගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන (09) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙම සැකකරු ක්‍රියා කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අදාළ සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම සහ ආධාර අනුබල ලබාදීම තුළින් ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

“දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි” යනුවෙන් බුද්ධශාසන අමාත්‍යාංශය පොත් මුද්‍රණය කිරීමේදී, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවට අදාළ පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.

මෙම සැකකරු විසින් සිය හිතවත් ආයතනයක් වෙත අවස්ථා තුනකදී රුපියල් 4,790,000 මුදලකට අදාළ පොත් ප්‍රමාණය මුද්‍රණය කිරීමට භාරදී ඇති බව වාර්තා වේ.

අදාළ පොත් තොගය ගබඩාව වෙත ලබා නොගෙනම ඊට අදාළ ගෙවීම් සිදුකිරීම තුළින් රජයට පාඩු සිදුකිරීම සහ තම හිතවත් ආයතනයට අනිසි වාසියක් සැලසීම මගින් මොහු දූෂණය නැමැති වරද සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් හිටපු ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ උදේනි ජයරත්න දසනායක අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023/ 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එම බඳවා ගැනීමෙන් මේ දක්වා රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙකක (34,438,650,42)ක මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන්, එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දූෂණය නැමැති වරද සිදුකර ඇත.

අද (25) පෙ.ව. 9.25 ට පමණ අදාළ සැකකරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් වංචාවකට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

මුදල් වංචාවකට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් – දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) දින නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වරද පිළිගෙන ඇත.

එම ලබාගත් රුපියල් හය ලක්ෂ තිස්පන්දහක මුදල අධිකරණය හමුවේ ගෙවීමට එකඟවී ඇති අතර අනතුරුව සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර යළිත් මෙම නඩුව ඔක්තෝබර් (22) වැනිදා කැඳවීමට මහේස්ත්‍රත්වරයා නියෝග කළේය.

මෙම සැකකරු පසුගිය 2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ශේත්‍ර නිලධාරියෙකු සමග එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ එම කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 6ත් 15ත් අතර ප්‍රමාණයක් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබාගෙන මෙතෙක් කල් මෙම ඉඩම ලබා නොදී ඇත.

අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සැකකරු මෙවැනි මුදල් වංචා ගණනාවකට සම්බන්ධ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු ඉදිරි විමර්ශව කටයුතු සිදු කරන බවත් මෙම මුදල් වංචාවට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

සිරදඬුවම් නියම වු ඥනසාර හිමිට අධිකරණයෙන් නියෝගයක්

සිරදඬුවම් නියම වු ඥනසාර හිමිට අධිකරණයෙන් නියෝගයක්

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කරන ලද සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් ඇත්නම් ලබන මස (01) වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට (24) දින නියෝග කළේය.

අදාළ පැමිණිල්ල (24) දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර එයට හේතුව අසනීප තත්ත්වයෙන් පසුවීම බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණය හමුවේ සඳහන් කළේය.

සිරදඬුවම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාළ කරුණු විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව සිරදඬුවම ක්‍රියාත්මක නොකිරීමට හේතු දක්වන්නේ නම් ලබන (01) වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

බැංකු ගිණුම, වාහන බලපත්‍ර ඇතුළු පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කරයි

බැංකු ගිණුම, වාහන බලපත්‍ර ඇතුළු පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කරයි

2026 නොවැම්බර් (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කර ඇත.

1.යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම.

2.ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම.

3.මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම.

4.මෝටර් වාහන බලපත්‍ර අලුත් කිරීම.

5.ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම.

6.ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.

7.ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට,

8.ණය කාඩ්පතක් ලබා ගැනීම.

✕
⌃ News
📰 Free News Subscription?