Local news

ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල ජීවිතයෙන් සමුගනී

ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල ජීවිතයෙන් සමුගනී

මෙරට ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රකට රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ඇත.

රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මියයන විට වයස අවුරුදු 73ක පසුවිය.

රහල් බුලත්සිංහල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (22) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.60 ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 109.05 ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.02 ලෙස ඉහළ ගොස් ඇත.

අනුරාධපුර වෛද්‍යවරියගේ ලිංගික අපයෝජන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විමසීම අවසන්

අනුරාධපුර වෛද්‍යවරියගේ ලිංගික අපයෝජන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විමසීම අවසන්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය නිල නිවස තුළදී බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද්ධ හමුදා සෙබළාට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව වින්දිත වෛද්‍යවරියගේ සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමට නියෝග කළේය.

අදාළ නඩුව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.

ඒ අනුව, වින්දිත වෛද්‍යවරියගෙන් සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය එළැඹෙන නොවැම්බර් මස (11) දින යළි විභාගයට ගැනීමට තීන්දු කරමින් එදින සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට නියෝග කළේය.

රියදුරු බලපත්‍රය අත්හිටුවන අලුත්ම ක්‍රමය.. දින 07ක් ඇතුළත අනිවාර්යයි

රියදුරු බලපත්‍රය අත්හිටුවන අලුත්ම ක්‍රමය.. දින 07ක් ඇතුළත අනිවාර්යයි

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක රියදුරු අකුසලතා ලකුණු 30 ආසන්න වනවිට, කැපී ඇති ලකුණු ගණන සහ ඉතිරිව ඇති ලකුණු ප්‍රමාණය පිළිබඳව කෙටි පණිවුඩයක් (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවූ බවට කෙටි පණිවුඩයක් ලැබෙන අතර එම අවස්ථාවේ සිට දින 07ක් ඇතුළත අදාළ බලපත්‍රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

නියමිත දින 07 ඇතුළත බලපත්‍රය භාර නොදී ප්‍රමාද කළහොත්, එම බලපත්‍රය අත්හිටුවන කාලසීමාව බලපත්‍රය භාරදෙන දිනයේ සිට ඉදිරියට ගණනය වන බැවින් තහනම් කාලය තවත් දීර්ඝ වන අතර එලෙස භාරගන්නා බලපත්‍ර පොලිසියේ විශේෂ ආකෘති පත්‍රයක් ද සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.

සාමාන්‍යයෙන් දැනට පවතින සාකච්ඡාවලට අනුව මෙලෙස අකුසලතා ලකුණු පූර්ණය වන රියැදුරෙකුගේ බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබන අතර එම තහනමට ලක්වන රියැදුරෙකු මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගි වන්නේ නම්, වසරක තහනම් කාලසීමාව මාස 03 දක්වා අඩු කරගැනීමේ හැකියාව පවතී.

මාර්ග වැරදි 47ක් සඳහා මෙම ලකුණු කැපීමේ ක්‍රමවේදය අදාළ වන අතර අන්තරාදායක සහ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා වෙන් කර ඇති උපරිම අකුසලතා ලකුණු සංඛ්‍යාව 7ක් වන අතර යම් රියැදුරෙකු එකවර වැරදි කිහිපයක් සිදුකළද, ඒ අතරින් උපරිම දඬුවම් හිමිවන වරදට අදාළ ලකුණු ප්‍රමාණය පමණක් කැපීමට කටයුතු කරයි.

විහාර මහාදේවි උද්‍යානයේ විරෝධතා භූමියේදී ආයුධ දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විහාර මහාදේවි උද්‍යානයේ විරෝධතා භූමියේදී ආයුධ දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විරෝධතා භූමියේ තියුණු ආයුධ දෙකක් සහිතව රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි විශ්‍රාමික යුද හමුදා සමාජිකයෙක් වන අතර ඔහු බීමතින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක.. ගෝඨාභය හිරවෙයි

පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක.. ගෝඨාභය හිරවෙයි

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ සැකකරුවෙක් කරමින් සිදුකරන විමර්ශනයට අදාළව තවත් සුවිශේෂී විමර්ශන කිහිපයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව අධිකරණයට දැනුම් දෙයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය තවදුරටත් නිදැල්ලේ සිටින බවට මහාධිකරණ ත්‍රිපුද්ගල නඩු තීන්දුවෙන් දඬුවම් නියම වු පුද්ගලයින් තුන්දෙනෙකු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මිල්හාන් සහ රිස්කාන්, සෙයිනුල් ආබ්දීන් යන එම වැරදිකරුවන් ලබාදුන් ප්‍රකාශ සම්බන්ධව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

නිලධාරීන් 08 දෙනෙකුට බන්ධනාගාරයට ගොස් ඊට අදාළ රැඳවියන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ්⁣ සලේ ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව (21) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබුවේය.

නඩුව කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“ස්වාමීනි., කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පාස්කු ප්‍රහාරයට අදාලව විභාග වූ නඩුකරය තීන්දුව ලබාදුන් අවස්ථාවේ, වරදකරුවන් කළ තිදෙනෙකු ප්‍රකාශ කරමින් “අපි හිරේ ගියාට මේකට සම්බන්ධ අය තාම එළියේ ඉන්නවා” යැයි පවසා තිබෙනවා.

ස්වාමීනි., ඒ නඩුව තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ ප්‍රධානතම නඩුව. එනිසා මේ ප්‍රකාශ ගැන විමර්ශනය කරන්න ඕනේ. මේ වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනා අධිකරණයේ භය නැතිව ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ප්‍රකාශ.

එම නිසා විමර්ශන නිළධාරීන් 08 දෙනෙකුට 2026/10/22 සිට 2026/11/08 දක්වා කාලය තුල බන්ධනාගාරයට ගොස් මෙම පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවසර දෙමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

“විමර්ශන වලදී අනාවරණය වුණා අසාද් මවුලානව කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට හදුන්වලා දීලා තියෙන්නේ ඩග්ලස් දේවානන්දා කියලා. කජු සංස්ථාවේ සභාපති වෙච්ච ශංකර්ට අසාද් මවුලානව යොමු කරනවා.

කරුණා අම්මාන්ට සහ පිල්ලෙයාන්ට මුණගස්සවන්න කියලා. නමුත් ඩග්ලස් දේවානන්දා එය ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රකාශය ගත්තට පස්සේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඔහු ඒකෙ අපි ගත්ත ප්‍රකාශ සම්බන්ධවත් සඳහන් කරනවා. එහෙම කරන්න බැහැ.

ඔහු ඉන්නේ නීතියට යටින්. අනතුරුව ශංකර් කියලා පුද්ගලයෙක්ගෙන් ප්‍රකාශයක් ගත්තා. ඔහුගේ සාක්ෂිය ඉතා වැදගත් සාක්ෂියක්. මොහු තමයි ඩග්ලස් දේවානන්දාගේ දේශපාලන අංශයේ හිටපු ප්‍රධානියා.

ඔහු ප්‍රකාශ කරනවා අසාද් මවුලානව කරුණා කණ්ඩායමට සම්බන්ධ කරලා දෙන්න උපදෙස් දුන්නේ ඩග්ලස් දේවානන්දා කියලා. පිල්ලෙයාන් සමගත් අසාද් මවුලානා සම්බන්ධතා පවත්වලා තියෙනවා. පසුව 2005 වසරේ ශංකර් දේශපාලනයෙන් ඉවත් වෙලා ස්විට්සර්ලන්තයේ වීසා ඉල්ලලා තියෙනවා මුළු පවුලටම.

ඇතැම් අය අසාද් මවුලානා, සුරේශ් සලේ, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශ කියන බව කියනවා. ඔහුට අසත්‍ය ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය නැහැ ස්වාමීනි., මොකද 2005, 2006 කාලය වෙද්දිත් අසාද් මවුලානාට දේශපාලන රැකවරණය ලැබිලා තිබුණා.”

සිදුකළ විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරය සිදු වීමෙන් පසුවත් එම ප්‍රහාරය සම්බන්ධව ලද තොරතුරු වසන් කිරීමට සුරේෂ්⁣ සලේගේ අනුදැනුම මත නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“කරුණා අම්මාන්ට රාජතාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් දෙනවා එංගලන්තෙට යන්න සුරෙෂ් සලේ ඇතුළු බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්. ඔහු එංගලන්තෙට යනවා ගියාට පස්සේ සලේ යනවා ඔහුව බලන්නත්. නමුත් සලේ ඒක ප්‍රතික්ෂේප කරනවා.

සලේ හමුවෙලා දින දෙකකට පමණ පසුව කරුණා අම්මාන්ව අත්අඩංගුවට අරන් සිරගත කරනවා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සතු වීම හේතුවෙන්. පසුව නැවත මෙරටට පිටුවහල් කරනවා. පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් කෙනෙක් කියන දුෂ්මන්ත ගුණවර්ධන කියන නමෙන් තමයි මේක අරන් තියෙන්නේ කරුණා අම්මාන්.

එහෙම කෙනෙක් දැන් හොයන්නවත් නැහැ. අඩුම ගානේ, හිටියද නැද්ද ඉන්නවද කියලවත් හොයා ගන්න බෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ සඳහා අදාළ සම්පූර්ණ විස්තර ලබාගත යුතුයි. එවගේම සලේ පොස්පෝර්ට් විශේෂඥයෙක්. ඔහුටත් පොස්පෝට් දෙකක් තුනක් විතර තියෙනවා.”

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී විමසීමක් සිදු කළේය.

එම අවස්තාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, තමන්ට අනුව ගෝඨාභය රාජපක්ෂ මේ නඩුවට අදාළව ප්‍රබල පුද්ගලයෙක් බවත් නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වලින් සාක්ෂි අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු කරාවියැයි අපේක්ෂා කරන බවයි.

මෙම නඩුව නොවැම්බර් මස (25) වැනිදා යළි කැඳවීමට නියමිතය.

අධිකරණයට අපහාස කලැයි පොලිස්පතිට නඩු

අධිකරණයට අපහාස කලැයි පොලිස්පතිට නඩු

අධිකරණ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව “අධිකරණයට අපහාස කිරීමේ” චෝදනාව යටතේ නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කර ඇත.

මත්ද්‍රව්‍ය නඩු දෙකකට අදාළව අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවත්, පොලිස්පතිවරයා උසාවිය නොමග යැවීමට උත්සාහ කරන බවක් පෙනී යන්නේ යැයි සඳහන් කරමින් මෙලෙස මෙම නඩු පැවරීමට තීරණය කර ඇත.

කළුතර බන්ධනාගාරයේදී අහසට වෙඩි තැබීමක්

කළුතර බන්ධනාගාරයේදී අහසට වෙඩි තැබීමක්

අද (21) පස්වරුවේ කළුතර බන්ධනාගාරය තුළදී අහසට වෙඩි තැබීමක් සිදුව ඇත.

බන්ධනාගාරයට පිටතින් සිටි පුද්ගලයෙකු බන්ධනාගාරය තුළට පාර්සල කිහිපයක් විසිකිරීම සඳහා ඒ ආසන්නයට පැමිණ ඇති අතර එම අවස්තාවේදි ආරක්ෂක කුලුනුවල සිටි නිලධාරීන්, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස එම පුද්ගලයාට දැනුම්දීමක් කර ඇත.

කෙසේ වෙතත් එම පුද්ගලයා එම පාර්සල් බන්ධනාගාරය තුළට විසිකිරීමත් සමග නිලධාරීන් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම වෙඩි තැබීමත් සමග එම පුද්ගලයා පලාගොස් ඇත.

අදාළ පුද්ලගයා විසිකළ පාර්සල් දෙකක් බන්ධනාගාරය තුළට පතිත වී ඇති අතර එම පාර්සල තුළ කුඩු හා ගංජා තිබී ඇති බව වාර්තා වේ.

රටින් පනින්න හැදු ගෝඨාගේ තුරුම්පුව අසාර්ථකයි

රටින් පනින්න හැදු ගෝඨාගේ තුරුම්පුව අසාර්ථකයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යාමට අවසර ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කළ මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් විදෙස්ගත වීම සඳහා එම මෝෂන් පත්‍රය රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර තිබුණු බවත් එම මෝෂන් පත්‍රයේ දිනයක් සඳහන් නොකිරීම හේතු කොටගෙන එම මෝෂන් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ට්‍රාර්වරයා කටයුතු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ, නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් මෙම මෝෂන් පත්‍රය යොමු කර තිබුණද, එහිදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ යම් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉල්ලීමක් කර තිබූ බවත් ඒ සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කිරීමටද අදාළ ඉල්ලීමේදී කරුණු තිබූ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේය.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී මීට පෙර හෘද සැත්කමක් සිදුකර තිබෙන බවත් ඊට පසු අවස්ථාවේ තිබෙන වෛද්‍ය පරීක්ෂණ වලට යාම සඳහා මෙම ඉල්ලීම සිදුකර තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මානුෂීයව සලකා බැලිමට සූදානම් බවත් විධිමත් ලෙස මෙම ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී අවශ්‍ය වුවහොත් ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මානුෂීයව සලකා බැලීමට සූදානම් බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේය.

උෂ්ණත්වය තවත් ඉහළ⁣ට.. බරපතල අනතුරු ඇඟවීමක්

උෂ්ණත්වය තවත් ඉහළ⁣ට.. බරපතල අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කර ඇත.

එම වාර්තාවට අනුව ගෝලීය උෂ්ණත්වය මින් පෙර ඇස්තමේන්තු කළ අගයට වඩා ඉදිරියේදී විශාල අගයකින් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ගෝලීය උෂ්ණත්වය කාර්මික විප්ලවයට පෙර පැවති අගයට වඩා මෙම සියවස මැද භාගය වන විට සෙල්සියස් අංශක 1යි දශම 7 සිට 1යි දශම 8 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව එම සංවිධානය සඳහන් කරයි.

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැවීම සහ හරිතාගාර වායු විමෝචනය උපරිමයෙන් අවම කිරීම යන පියවර අනුගමනය කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ගෝලීය උණුසුම පාලනය කිරීමට නම් 2030 වසරේදී හරිතාගාර වායු විමෝචනය 18%ක ප්‍රතිශතයකින් අඩු කළ යුතු අතර 2035 වසර වනවිට එම අගය 45%ක් දක්වා සහ 2040 වසර වනවිට 69%ක ප්‍රතිශතයක් දක්වා එය ඉහළ නැංවිය යුතු බවද සඳහන් කරයි.

Follow WhatsApp Channel