Local news

ඥනසාර හිමියන්ගේ සිවුර ගැලවීම.. නිවට පාලනයට එරෙහිව නැගිටින්න ඕනා

ඥනසාර හිමියන්ගේ සිවුර ගැලවීම.. නිවට පාලනයට එරෙහිව නැගිටින්න ඕනා

ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීමට එරෙහිව මේ ⁣රටේ ගිහි පැවිදි සියලුම පාර්ශව එකාවන්ව පෙළ ගැහෙන්න ඕනා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ,

“මේ ගහන්නේ ථේරවාදී පිරිසිදු බුදුදහම රැකගත්තු මාතෘභූමියේ බුද්ධ පුත්‍රයාණන්ට. ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන්ගේ සිවුර නෙමෙයි ගැලෙව්වේ. මුළු මහත් මහා සංඝරත්නයේ සිවුර.

එනිසා ඒ පාපතර ක්‍රියාවට එරෙහිව මේ ⁣රටේ ගිහි පැවිදි සියලුම පාර්ශව එකාවන්ව පෙළ ගැහෙන්න ඕනා. යටත් විජිත ඉංග්‍රීසින්ගේ යටත් විජිත පාලනයට එහා ගිහිල්ලා මේ රටේ බුදු දහමට ගහන නිවට අනුර කුමාරගේ පාලනයට එරෙහිව නැගිටින්න ඕනා. සටන් කරන්න ඕනා.”

ඥනසාර හිමි බන්ධනාගාරයට.. මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

ඥනසාර හිමි බන්ධනාගාරයට.. මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

බන්ධනාගාරගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බව සඳහන් කරයි.

අධිකරණයට අපහාස කිරීම.. දිලිත්, ගම්මන්පිල, විමල් ඇතුළු 6කට දින නියම කරයි

අධිකරණයට අපහාස කිරීම.. දිලිත්, ගම්මන්පිල, විමල් ඇතුළු 6කට දින නියම කරයි

අධිකරණයට අපහාස කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද (07) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවා ඇත.

ඒ අනුව දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව ලබන (15) වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද දින නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ එම නඩුව කැඳවනු ලැබුවේය.

පාස්කු ප්‍රහාරයට සැක පිට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ්⁣ සලේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග ලබාගැනීමෙන් පසු අදාළ අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශ සහ ක්‍රියා මුල්කරගනිමින් මෙම නඩුව පවරා ඇත.

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට දුන් නියෝගය

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට දුන් නියෝගය

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හරින ලෙස නියෝග කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කළාය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම, සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරු අද (07) දහවල් අත්අඩංගුවට ගත්තේය.

අවසන් මොහොතේ ශිරන්ති බන්ධනාගාරයට

අවසන් මොහොතේ ශිරන්ති බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (07) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

“සරිළිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය.

හිටපු ඇමති රෝහිත රිමාන්ඩ්

හිටපු ඇමති රෝහිත රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කළේය.

මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම විසින් අද (07) දින අත්අඩංගුවට ගත්තේය.

නාමල්ගේ තවත් බැංකු ගිණුමක තොරතුරු හෙළිවෙයි

නාමල්ගේ තවත් බැංකු ගිණුමක තොරතුරු හෙළිවෙයි

පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියෙකුගෙන් ලබාගත් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය තවත් බැංකු ගිණුමකට අදාළව තොරතුරු අනාවරණය වී ඇත.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරිවරිය අධිකරණය හමුවේ සඳහන් කළේ,

“Ceylone premier sports limited නමින් ගිණුමක් තිබෙනවා. එම ආයතනය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔහු එම ආයතනයේ කිසිදු ධුරයක් දරලා නැහැ. එම ආයතනයේ සභාපති ලෙස කටයුතු කරලා තියෙන්නේ නිමල් පෙරේරා.

ඒ වගේම ස්වාමීනි., මෙම නඩුවේ පළමු සැකකරු වන ඉන්දීය ජාතික අමිත් කට්ටයාර් සහ දෙවන සැකකාර රාජේන්ද්‍ර ප්‍රසාත් ගුප්තාගෙන් විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී කැඳවීම් ලිපි යවා තිබෙනවා.

නමුත් ඊට ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව ඉදිරි පියවර ලෙස මොවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

ස්වාමීනි., 2012/12/15 වැනි දින ‍ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට මේ 4 වන සැකකාර නාමල් රාජපක්ෂ ලිපියක් යවා තිබෙනවා. ඒ කාල්ටන් සුපර් 7 රග්බි තරගාවලියට නිමල් පෙරේරා ලබාදුන් මුදල්වලට ස්තූති කරලා.

එම ලිපිය මහාධිකරණයේ විභාග වන නඩුකරයකට ඉදිරිපත් කර තිබෙනවා මේ වනවිට. ඒ අනුව ස්වාමීනි., 4 වැනි සැකකරුගේ අත් අකුරු පරීක්ෂා කිරීමට අපේක්ෂා කරනවා. සැකකරු දූෂණ විරෝධි පනතේ 149 වගන්ති ප්‍රකාරව අධ්‍යක්ෂවරයාගේ සහතිකයක්ද සමගයි අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

විමර්ශන සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නාමල් රාජපක්ෂ ලබන (16) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගය කළේය.

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක්.. මුහුදේ ගිල්වයි

රුසියානු ඉන්ධන රැගෙන කළු මුහුදේ යාත්‍රා කරමින් තිබු ඉන්ධන ප්‍රවාහන නෞකාවකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ලයිබීරියානු ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාව මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම නෞකාවේ සිටි 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥනසාර හිමිට අත තිබ්බා.. මේ තමයි ආණ්ඩුවේ අවසානය

ඥනසාර හිමිට අත තිබ්බා.. මේ තමයි ආණ්ඩුවේ අවසානය

අවුරුදු පහකට බලය ලබාගත් නිරාගමික ගෝත්‍රිකයින් පිරිසකට වසර 2300ක් පුරාවට මෙරට තුළ පැවති ශාසනික ඉතිහාසය වෙනස් කිරීමට ඉඩ නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවර ඉවත් කර සිරගත කිරීම තුළින් මාලිමා ආණ්ඩුවේ අවසානය ආරම්භ වූ බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

“වැරදිලා අවුරුදු පහකට බලය ගත්ත නිරාගමික ගෝත්‍රිකයෝ පිරිසකට වසර 2300ක් පුරාවට මේ රටේ තියෙන ශාසනික ඉතිහාසය වෙනස් කරන්න අපිට ඉඩ දෙන්න බෑ.

පරගැති නිරාගමික ආණ්ඩුවට පුළුවන් වුණාට අපේ ඥානාසාර හාමුදුරුවන්ගේ සිවුර උදුරගන්න උන්වහන්සේගේ භික්ෂූත්වය උදුරගන්න හැකියාවක් නෑ. අද අධිකරණයට උන්වහන්සේ වැඩම කළාට උන්වහන්සේට සිවුරක් නොතිබුණත් නීතිඥයොත්, ඇවිල්ලා සිටි අයත් උන්වහන්සේට පරණ පුරුදු විදිහටම නමස්කාර කළා.

මේක අපි ඉතාම වගකීමෙන් කියනවා මාලිමා ආණ්ඩුව උන්වහන්සේගේ සිවුර ගලවලා ගිහි ඇඳුම් අන්දවලා අධිකරණයට ගෙන ඒම නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා.

භික්ෂූන් වහන්සේගේ චීවරය ගලවන්න නම් උන්වහන්සේ පාරාජිකා වෙන්න ඕනි. විශේෂයෙන්ම ඒ ශාසනික සම්ප්‍රදායට ගරුකරලා තමයි හාමුදුරුවන්ට මීට කලිනුත් උන්වහන්සේම ප්‍රකාශ කරපු පරිදි උන්වහන්සේට මීට කලිනුත් නඩු තිබිලා තියෙනවා.

කවදාක්වත් සිවුරු ගලවලා ගිහි වෙස් ගන්වලා හාමුදුරුවන්ව අධිකරණයට ගෙනැල්ලා නෑ. මොකද ඒ ශාසනික සම්ප්‍රදායට ශාසනික සම්ප්‍රදාය විතරක් නෙවෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග 550 ඉතා පැහැදිලිව කියනවා යම් වැරදිකරුවෙකු කරනු ලැබූ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් අධිකරණයට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි කියලා.

ඒ නිසා තමයි අපි කිව්වේ මේක නීති විරෝධියි, ව්‍යවස්ථා විරෝධියි, ශාසනික විරෝධියි. හැබැයි අපි මාලිමා ආණ්ඩුවට කියනවා වැඩේ වරද්ද ගත්තා. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සිද්ධ වුණේ කියලා අපි බය නැතිව කියනවා.

නලින්ද ජයතිස්ස වගේ කාල් මාර්ක්ස්ගේ පොත් කියෙව්වට බණ පොතක් කියවලා නැති අයට ඒ වගේ කතා කියන්න පුළුවන්.”

හිටපු ඇමති රෝහිත අත්අඩංගුවට

හිටපු ඇමති රෝහිත අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අද (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට ගෙන ඇත.

✕
⌃ News
📰 Free News Subscription?