Local news

2027 අයවැය පාර්ලිමේන්තුවට

2027 අයවැය පාර්ලිමේන්තුවට

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නොවැම්බර් (12) වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනතුරුව නොවැම්බර් (13) සිට (20) දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් (20) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් (21) සිට දෙසැම්බර් (14) දක්වා දින 19ක් පැවැත්වේ.

අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් (14) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වේ.

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසර හිමිට එරෙහි නඩුව අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

මෙම නඩුව අද (07) දින කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සිර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නිවේදනය කළේය.

අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මේ බව නිවේදනය කළේය.

එහිදී, මෙම සිරදඬුවමට එරෙහිව සේවාදායක හිමියන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එහි තීරණය ලැබෙන තෙක් මෙම දඬුවම් ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසට උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනතුරුව මෙම නඩුව පෙබරවාරි මස (25) වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සිරිලිය පත්තු වෙයි.. හිටපු අගවිනිසුරුවරියගේ සැමියා අත්අඩංගුවට

සිරිලිය පත්තු වෙයි.. හිටපු අගවිනිසුරුවරියගේ සැමියා අත්අඩංගුවට

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ ‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රදීප් කාරියවසම් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද (07) කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අමානුෂික වෙඩි තැබීම.. දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි

අමානුෂික වෙඩි තැබීම.. දේශබන්දුට එරෙහිව අධිචෝදනා භාරදෙයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව මාතර මහාධිකරණයේදී අද (07) දින අධිචෝදනා භාරදෙයි.

පසුගිය 2023 දෙසැම්බර් (31) වැනිදා වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි හෝටලයක වෙඩි තැබීම සම්බන්ධයෙන් වන නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එලෙස අධිචෝදනා භාරදී ඇත.

මෙම නඩුවට දේශබන්දු තෙන්නකොන් ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා අද (07) මාතර මහාධිකරණයේදී පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුවට අදාළ පරීක්ෂණ සිදු කරනු ලබන අතර මාතර ප්‍රධාන මහාධිකරණ විනිසුරු නන්දන අමරසේන හමුවේ මෙම නඩුව කැඳවා ඇත.

එහිදී දේශබන්දු තෙන්නකොන් ඇතුළු සැකකරුවන් 08 දෙනාට එක් අයෙකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් හා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 04ක් ද මත මුදාහැරීමට නියෝග කළේය.

අනතුරුව මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් (27) වන දින කැඳවීමට නියමිතය.

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ විත්තිකරුවන්ට සිරදඬුවම්

ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ විත්තිකරුවන්ට සිරදඬුවම්

පසුගිය 2019 වසරේ වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කළේය.

අදාළ චෝදනා වලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර හා රශ්මි සිංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිර දඩුවම් ප්‍රකාශයට පත් කළේය.

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

සියලුම රාජ්‍ය සේවකයින් ගැන රජය ගත් අලුත්ම තීරණය

රජය විසින් සෑම රාජ්‍ය සේවකයෙකු සඳහාම නිල Email ලිපියක් ලබාදීමට තීරණය කර ඇති බව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

එමගින් රාජ්‍ය සේවය ජාලගත කිරීමටත්, වීඩියෝ සම්මන්ත්‍රණ ආදි කටයුතු සඳහා පහසුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට මෙන්ම එක් එක් රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීමටත් හැකි වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

මේ වනවිට බොහෝ රාජ්‍ය සේවකයින් භාවිත කරන්නේ පෞද්ගලිකව සකසා ගත් Email ලිපියනයන් වන අතර රජය මගින් ඔවුන්ට හඳුන්වා දෙන නිල Email ලිපියන් හරහා ලියකියවිලි ආදී අත්‍යවශ්‍ය දත්ත යොමු කිරීම වඩාත් පහසු වන බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල වඩාත් ඵලදායී ලෙස වේගවත් කිරීමට එය පිටිවහලක් වනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කරයි.

මෙත් මල් පිබිදේ.. ශිරන්ති අත්අඩංගුවට

මෙත් මල් පිබිදේ.. ශිරන්ති අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද (07) උදෑසන ඇගේ නිවසට ගොස් ඇත.

අනතුරුව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අල්ලස් කොමිසම හදිසියේම ශිරන්තිගේ ගෙදරට.. ප්‍රශ්න කරයි

අල්ලස් කොමිසම හදිසියේම ශිරන්තිගේ ගෙදරට.. ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් ඇත.

මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.  

අද (07) උදෑසන 8.00 සිට මෙම ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.  

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

රට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට පියවර ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතළ අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වලින් එල්ල වන තර්ජන වලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වේ.

ජාතික හා ජාත්‍යන්තර සහයෝගිතාව තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙමඟින් අපේක්ෂා කරයි.

පසුගිය මාර්තු (30) වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණේය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කළ අතර ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී ඇත.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (07) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 89.75 දක්වා ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.09 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.08 දක්වා ඉහළ ගොස් ඇත.

✕
⌃ News
📰 Free News Subscription?