Local news

අගමැති හරිනිගේ රූපය යොදාගත් වීඩියෝ සමාජ මාධ්‍යයේ

අගමැති හරිනිගේ රූපය යොදාගත් වීඩියෝ සමාජ මාධ්‍යයේ

තම රූපය සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සියලු වීඩියෝ මුළුමනින්ම ව්‍යාජ ඒවා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

සමාජ මාධ්‍ය සහ WhatsApp මාර්ගයෙන් විවිධ මූල්‍ය හා ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරමින් හුවමාරු වන මෙවැනි අසත්‍ය වීඩියෝ වලට හසු නොවන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අදහාගැනීමටත් නොහැකි තරම් අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් සහ මූල්‍ය සාක්ෂරතාවක් ජනතාවට තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“මගේ රූපරාමු සහ කටහඬ නිර්මාණය කරමින් විවිධ ආයෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මම දැනුවත්. මගේ කිසිදු සම්බන්ධයක් ඒවාට නැහැ. මම කිසිම ආයෝජකයෙකු හෝ එවැනි දේවල් ප්‍රවර්ධනය කිරීමට පෙනී සිටින්නේ නැහැ. මෙවැනි වීඩියෝ දුටු විගස ඒවා ව්‍යාජ බව ඔබ වටහාගත යුතුයි.”

කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

අසනීප සනීපයි.. ශිරන්ති රාජපක්ෂ දිවයිනට

අසනීප සනීපයි.. ශිරන්ති රාජපක්ෂ දිවයිනට

අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණ ඇත.

ශිරන්ති රාජපක්ෂ මලයාසියාවේ සිට MH 179 දරණ ගුවන් යානයෙන් රාත්‍රි 11.26ට පමණ දිවයිනට පැමිණ ඇත.

“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පසුගියදා කැඳවීමක් කළේය.

ඒ අනුව නැවතත් මෙරටට පැමිණි ශිරන්ති රාජපක්ෂ තවත් දින කිහිපයකින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක බටලන්ද විමර්ශන නැවතත්.?

ආන්දෝලනාත්මක බටලන්ද විමර්ශන නැවතත්.?

බටලන්ද වධකාගාරය තුළ සිදුවු ඝාතන සම්බන්ධයෙන් යළි විමර්ශනය කළ යුතු බවට නීතිපතිවරයා නිගමනය කර තිබෙනවා.

එම නිගමනය ඇතුළත් නිරීක්ෂණ ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර අති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බටලන්ද කොමිෂන් වාර්තාවේ සාක්ෂි මත පමණක් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වේ.

බටලන්ද වදකාගාරය යනු, 1988 – 1990 කාලයේදී ශ්‍රී ලංකාවේ බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පවත්වාගෙන ගිය බවට දැඩි චෝදනා එල්ල වූ අනීතික රඳවා තබා ගැනීමේ සහ වධහිංසා පැමිණවීමේ මධ්‍යස්ථානයකි.

රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවට අයිතිව තිබු බියගම, බටලන්ද නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිතව පිහිටි නිවාස තුළ නීතිවිරෝධී ලෙස තරුණයින් රදවාගෙන, වධහිංසා කර, ඝාතනය කිරීම හෝ අතුරුදන් කිරීම පිළිබඳව සොයා බලා වගකිවයුතු පුද්ගලයින් හඳුනා‌ගෙන නිර්දේශ වාර්තා කිරීමට එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1995 සැප්තැම්බර් (21) දින නිකුත් කළ නියෝගයකට අනුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළේය.

එම කොමිසම අවස්ථා 12කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු (26) වැනිදා සිය වාර්තාව එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත බාරදුන්නේය.

එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී බරපතල අනාවරණයන් රැසක් හෙළිවිය.

3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න

3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ පුද්ගලයින් 3,000ට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කරයි.

බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් එම නීතිය අනුගමනය නොකරන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

පසුගිය (19) වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කළේය.

ඥනසාර හිමිගේ අවසන් ඉල්ලීම

ඥනසාර හිමිගේ අවසන් ඉල්ලීම

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවමෙන් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව මත අත්අඩංගුවට ගත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනී., වගඋත්තරකාර හිමි පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබාගැනීම සඳහායි එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ.“

එම අවස්ථාවේදී විනිසුරු ලක්මාලී කරුණානායක ප්‍රශ්න කළේ,

“එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි.?”

අනතුරුව නීතීඥවරයා සඳහන් කළේ,

“ස්වාමීනි., වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබාදෙන්න බැරි වුණේ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා.

එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් (10) වනදා තීන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස.“

අනතුරුව නීතිඥ සුදත් ජයසුන්දර, සිය සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් සඳහන් කළේය.

අනතුරුව ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියෝග කළේය.

මේ අතර සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිරකරුවන් සඳහා නියමිත ඇඳුම (ජම්පරය) ලබාදී ඇති අතර උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා තැබීමට පියවර ගෙන ඇත.

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්

අද (05) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය මේ වනවිට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 1038 දුම්රිය පීලි ගත කර දුම්රිය මාර්ගය මේ වනවිට දුම්රිය ධාවනයට සුදුසු තත්වයට පත්කර ඇත.

හෙට (06) දින උදෑසන සාමාන්‍ය ධාවන කාල සටහනට අනුව ගම්පොල සහ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා උදෑසන කාර්යාල දුම්රිය සහ නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය ධාවනය කරයි.

තවද, කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

බැකෝ සමන්ගේ බැංකු ගිණුම් සහ දේපළ අත්හිටුවයි

බැකෝ සමන්ගේ බැංකු ගිණුම් සහ දේපළ අත්හිටුවයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන නිර්මල ප්‍රසංග නොහොත් “බැකෝ සමන්” අයත් බව කියන රුපියල් මිලියන 40ක් වටිනා දේපළ සහ බැංකු ගිණුම් ක්‍රියාවිරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව රුපියල් මිලියන 20ක් වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක්, පෞද්ගලික බැංකු දෙකක රුපියල් මිලියන 20ක ස්ථාවර ගිණුම් තැන්පතු දෙකක් ඊට ඇතුළත් වේ.

අදාළ නියෝගය අද (05) සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් අදාළ දේපොළ මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ශිරන්ති කෙඳිරිගායි

අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ශිරන්ති කෙඳිරිගායි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් අපේක්ෂිත ඇප ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම එම අයදුම්පත ඉදිරිපත් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට දැනුම් දී ඇති අතර ඇය එය මගහරිමින් මේ වනවිට සිංගප්පූරුවේ රැදී සිටියි.

2027 වසරේ සිට සියලු පාසල් දරුවන්ට අලුත් විෂයක්

2027 වසරේ සිට සියලු පාසල් දරුවන්ට අලුත් විෂයක්

ලබන වසරේ සිට 6 ශ්‍රේණියට නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

ඒ අනුව 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බවත් එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලුම පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් ඇතුළු වැඩසටහන් දියත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී ආචාරධර්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් මුදල් උපයා ගැනීම නොව, වගකීමෙන් සහ සදාචාරාත්මකව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම්

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් මස (05) සහ (06) යන දෙදින පැවැත්වීමට නියමිත සැලසුම් සමාලෝචන රැස්වීමට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ දීර්ඝකාලීන ව්‍යාපෘති සැලසුම් සඳහා ඇතුළත් කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ක්‍රියාවලීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ක්‍රියාවලීන් අතර පැහැදිලි සහ කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම මෙන්ම, සීමිත සහ සහනදායී මූල්‍ය සම්පත් හා තාක්ෂණික සහාය ඵලදායී ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය තවදුරටත් ඉහළ නංවමින් රාජ්‍ය මූල්‍ය ඉලක්ක කඩිනමින් ළඟා කර ගැනීමේදී මතුවන අභියෝග වලට සාර්ථකව මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

✕
⌃ News
📰 Free News Subscription?