Local news

හෝමාගම පොලීසියේ ලොක්කා ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

හෝමාගම පොලීසියේ ලොක්කා ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ අනුව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය එලෙස අත්හිටුවා ඇත.

එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයට භාරදී ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) සිදුකිරීමට නියමිතය.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.

නවුෆර් මවුලවි හා සාදික්ට බරපතළ වැඩසහිත සිරදඬුවම්

නවුෆර් මවුලවි හා සාදික්ට බරපතළ වැඩසහිත සිරදඬුවම්

පසුගිය 2018 වසරේදී වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේදී නීති විරෝධී අන්දමින්  ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ඩෙටනේටර් ඇතුළු ද්‍රව්‍ය රැස්කිරීම ඇතුළු චෝදනා 4කට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර ඇත.

අධි චෝදනා පත්‍රයෙහි සඳහන් 1,2,8 සහ 9 යන චෝදනා 4ට වරද පිළිගැනීමෙන් පසුව වරදකරුවන් කළ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් හා නවුෆර් මවුලවි යන දෙදෙනාට මෙලෙස වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර ඇත.

මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් හා නවුෆර් මවුලවි යන දෙදෙනාට පැනවූ වසර 48ක සිර දඬුවමක් මෙලෙස වසර 12කින් ගෙවීයන ලෙස මෙම දඬුවම් නියම කර ඇත.

අමෙරිකානු යුද නෞකාවක් කොළඹට

අමෙරිකානු යුද නෞකාවක් කොළඹට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS CANBERRA යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (26) දින කොළඹ වරායට පැමිණ ඇත.

Littoral Combat වර්ගයට අයත් මෙම නෞකාව මීටර් 127.6ක දිගකින් යුක්ත වන අතර එහි අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් C. Towles කටයුතු කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව එම නෞකාව පිළිගනු ලැබීය.

ඥනසාර හිමිට වහාම සමාව දිය යුතුයි.. එජාපයෙන් නිවේදනයක්

ඥනසාර හිමිට වහාම සමාව දිය යුතුයි.. එජාපයෙන් නිවේදනයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනය පහතින්..

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා පැවැත් වූ සත්‍ය ග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට උපරිම සිර දඬුවම් කාලය මාස 18 කි. එම වරදට ඥානසාර හිමියන් මාස 10 කට අධික කාලයක් බන්ධනාගාර ගතව සිට ඇත.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට එදා පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහිද ජනාධිපති සමාවක් යළි උන්වහන්සේ වෙත පිරිනැමීමට සලකා බැලිය හැකි බව සඳහන්ය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පාගමනට සහ සත්‍ය ග්‍රහයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද උසාවි නියෝග ලබා ගැනීමට රජය ක්‍රියා කරනු ලැබීය. මේවා නොවිය යුතු බරපතළ වැරදිය. එසේම උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට නියෝග දුන් අය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුය.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ද මැදිහත් වීම යටතේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුධය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩිව අවධාරණය කර සිටී.”

දිවයිනේ සියලුම පාසල් වසා දමයි

දිවයිනේ සියලුම පාසල් වසා දමයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදිම පැවැත්වෙන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

ශෂී වීරවංශගේ අභියාචනය ගැන නියෝගයක්

ශෂී වීරවංශගේ අභියාචනය ගැන නියෝගයක්

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (26) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ශෂී වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය සලකා බැලීම සඳහා නොවැම්බර් මස (18) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

පාසල් පැවැත්වීම ගැන තීරණයක්

පාසල් පැවැත්වීම ගැන තීරණයක්

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ලේකම්වරුන් වෙත ලබාදී ඇත.

මේ අතර මධ්‍යම පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල කලාප කිහිපයක පාසල් 26ක් පැවැත්වීම අත්හිටුවා ඇති බව ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු සඳහන් කරයි.

ගංවතුර තත්ත්වයක්.. ජනතාවට අනතුරු අඟවයි

ගංවතුර තත්ත්වයක්.. ජනතාවට අනතුරු අඟවයි

පවතින අයහපත් කාලගුණය හමුවේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් කරයි.

මේ අතර මහවැලි ගඟ ද්‍රෝණියේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම අවදානම මතුව ඇති අතර එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ එම මාර්ග භාවිත කරන රියදුරන්ට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දෙයි.

තවද, මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය.. කෙහෙළියට අධිකරණයෙන් නියෝග

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය.. කෙහෙළියට අධිකරණයෙන් නියෝග

මෙරටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

තවද, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේදී නියම කළේය.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ අතර ඉන් රුපියල් මිලියන 20ක් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ වන්දි මුදල් නියමිත පරිදි නොගෙවීම තුළින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

බ්‍රසීල නව ජනපති ලූලාගේ ඓතිහාසික ජයග්‍රහණය.. ජනපතිගෙන් සුබ පැතුම්

බ්‍රසීල නව ජනපති ලූලාගේ ඓතිහාසික ජයග්‍රහණය.. ජනපතිගෙන් සුබ පැතුම්

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා තේරී පත්ව ඇත.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර ඇත.

බ්‍රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාද වලට එරෙහිව ජයග්‍රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

එම ඓතිහාසික ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේග වලට ජනතාව රැවටිය නොහැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නැවත වරක් ප්‍රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ලූලාට උණුසුම් සුබපැතුම් එක්කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මේ අතර ලූලා කම්කරුවෙක් විදිහට ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක් වන අතර ඔහු බාල වයස්කාර දරුවෙක් විදිහට අවුරුදු 17දී සපත්තු කර්මාන්තශාලාවක වැඩ කරද්දි එයාගේ එක ඇඟිල්ලක් කැපිලා වෙන් වී ඇත. ඒ නිසා ලූලාට තියෙන්නේ අත් දෙකේ ඇඟිලි නමයයි.

මෙම මේ ඡන්ද ව්‍යාපාරයේදී අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයා සහ ඔහුගේ මතය ගිලපු පුද්ගලයින් වැඩියෙන්ම ලූලාට මඩ ගහන්න යොදාගත්ත දෙයක් වුණේ ලූලට තියෙන්නේ ඇඟිලි නමයයි කියන එක.

එහෙත් එම සියලු දෝෂාරෝපණයන් හමුවේ ලුයිස් ඉනාසියෝ ලූලා දැවැන්ත ජයග්‍රහණයක් ලබමින් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

Follow WhatsApp Channel