Attention (Sinhala)

නෙළුම් කුලුනෙන් බිමට පැනි සිසුවිය මින් පෙර සියදිවි නසාගත් සිය මිතුරන් අනුගමනය කරලා .. තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි.!

නෙළුම් කුලුනෙන් බිමට පැනි සිසුවිය මින් පෙර සියදිවි නසාගත් සිය මිතුරන් අනුගමනය කරලා .. තවත් තොරතුරු රැසක් අනාවරණය වෙයි.!

පොලීසිය පවසන්නේ ඊයේ (7) දිනයේ නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බවයි.

දැඩිලෙස හානි සිදුව තිබූ මියගිය සිසුවියගේ සිරුර සොයාගැනුණේ එහි තුන්වැනි මහලෙනි.

සිසුවිය ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන පාසල් නිල ඇඳුමෙන් සැරසී ඊයේ පස්වරු 2.30ට පමණ නෙළුම් කුලුනට ඇතුළුව ඇති අතර එහි ලොබියේ මද වේලාවක් රැඳී සිටි සිසුවිය වැසිකිළියට ගොස් සිය පාසල් නිල ඇඳුම මාරුකර වෙනත් ඇඳුමක් ඇඳ නෙළුම් කුලුනේ නැරඹුම් මහලට පැමිණෙන අයුරු එහි ආරක්ෂිත කැමරාවන්හි පටිගත වී ඇතෛ බව පොලීසිය පවසයි.

සිය පාසල් බෑගලය, උපැස් යුවල හා සපත්තු යුගල ගලවා පසෙක තබා එම ස්ථානයේ විනාඩි කිහිපයක් සිටි ක්ෂණයෙන් බිමට පනින අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇති අතර එම ස්ථානයේ සිටිනා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු වන තෙක් සිට ඇය ඉන් බිමට පැන ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් නෙළුම් කුළුන නැරඹුම් ස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කර තිබීම හේතුවෙන් ඇය බිමට පැනීම සඳහා යම් පරිශ්‍රමයක් දරනා ආකාරය කැමරා වල පටිගතව ඇත.

මියගිය සිසුවියගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ඇයගේ පාසල් බෑගය පිරික්සීමේදී පොලීසියට අනාවරණ වී ඇත්තේ, සිසුවිය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බවද අනාවරණ වී ඇත.

පසුව ඇයගේ පියාව මරදාන පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, මියගිය සිසුවිය පසුගිය ජූලි මස දෙවැනිදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් සිසුවියගේ හා සිසුවාගේ සමීපතම මිතුරියක් බවත් අදාළ දෙදෙනා හා ඊයේ මියගිය පාසල් සිසුවිය එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති බවත් ය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි  අල්ටෙයාර් කුලුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය අවසන් වරට පංතියෙන් පිටව යෑමේදී ඊයේ දිනයේදී නෙළුම් කුළුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය සමග කතාබහ කර කිහිපවරක් සිප වැළඳ ගෙන ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇත.

ඒ අනුව අදාළ සිදුවීමෙන් පසුව එම සිසුවිය දැඩි කම්පනයෙන් සිට ඇති අතර මෙම සියදිවි නසාගැනීමට එම සිදුවීම ආසන්නම හේතුව වන්නට ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇත.

පොලීසිය පවසන්නේ අදාළ සිදුවීම් දෙකෙහිම සමාන ලක්ෂණ රැසක් දැකගත හැකි බවයි.

ඒ, පාසල් නිල ඇඳුමින් පැමිණ තිබීම, පසුව නිල ඇඳුම මාරු කර වෙනත් ඇඳුමකින් සැරසීම, පාසල් බෑගය සහ සපත්තු පසෙක තබා තිබීම සහ ප්‍රසිද්ධ ඉතා උස් ස්ථානයක් තෝරාගෙන තිබීම ආදී කරුණුයි.

මේ අතර මිය ගිය සිසුවියගේ මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබූ අතර එම ස්ථානයට නෙලුම් කුලුනේ උසස් නිලධාරීන් හා අදාළ දැරියගේ ඥාතීන් ද පැමිණ සිටියහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා වල සමහර පිටු අතුරුදන්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තා වල සමහර පිටු අතුරුදන්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත්වී ඇති විමර්ශන වාර්තා වල කොටස් අඩුවීම සහ සමහර පිටු අස්තාන ගතවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කිරීම සඳහා මේ වනවිටත් නිසි පුද්ගලයින් අදාල තනතුරු සඳහා පත්කර ඇති බැවින් එම විමර්ශන කඩිනමින් අවසන් කර ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කරනා බවත් ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා,

“පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සොයා බැලීමට විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරල තියෙනවා. ඒ සඳහා වෙච්ච පරීක්ෂණ හරහා මේ වාර්තා නැති වුණේ කොහොමද ඒවගේ පිටු ගැලවුණේ කොහොමද කියන එකත්. ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව හිටපු නීති අධ්‍යක්ෂකවරයා මැදිහත් වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබා දීලා තිබුණේ. එනිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද, භාර දෙනකොට ඒවා තිබුණද ඊට පස්සේ මොකක්ද උනේ ඒ සියල්ල සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්‍ෂණ කටයුතු කරනවා.

ඒ නිසා අපි ඒ පිළිබඳ කිසිදු අසාධාරණයක් රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ එකට යම් කාලයක් ගතවෙනවා. එම විමර්ශන සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව දැනටමත් අපි ඒ පත් කිරීම් සිද්ධ කරලා තියෙනවා.”

රක්ෂණ සංස්ථාවේ සභාපති සේවයෙන් ඉවතට.!

රක්ෂණ සංස්ථාවේ සභාපති සේවයෙන් ඉවතට.!

අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොනල්ඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.

ඔහු සිය අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත අද දින යොමු කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළදී රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා රොනල්ඩ් පෙරේරා මහතා පත් කරන ලදී.

වහාම ක්‍රියාත්මක වන පරිදි පත්වීම් කිහිපයක් අවලංගු කරයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි පත්වීම් කිහිපයක් අවලංගු කරයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබ ඇති අතර ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරින්/ උපදේශකයින් පත් කරනු ලැබ ඇත.

එම කාර්යාල සහ වැඩ සටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ/ උපදේශකයින්ගේ සේවය 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී ඇත.

ගම්පහ NPP නාමයෝජනා ලැයිස්තුව අත්සන් තබයි.. රන්ජන් ලැයිස්තුවේද.? මහින්ද ජයසිංහ පිළිතුරු දෙයි.! [Video]

ගම්පහ NPP නාමයෝජනා ලැයිස්තුව අත්සන් තබයි.. රන්ජන් ලැයිස්තුවේද.? මහින්ද ජයසිංහ පිළිතුරු දෙයි.! [Video]

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව අත්සන් කිරීමෙ ඊයේ (07) දිනයේ සිදුවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ ජාතික විධායක සභික මහින්ද ජයසිංහ මහතා පැවසූවේ මෙවර NPP ලැයිස්තුවේ නීතිඥයන්, ගුරුවරුන්, මහාචාර්යවරුන් ව්‍යවසායකයින් ඇතුලු බොහෝ උගත් බුද්ධිමත් අවංක පිරිසක් ඇතුලත් බවයි.

එමෙන්ම ජනප්‍රිය රංගවේදියෙක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නම එම ලැයිස්තුවට ඇතුලත් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහින්ද ජයසිංහ මහතාගෙන් විමසූ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි.!

“මගෙන් පසු ආයේ දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් ලැබෙන එකක් නෑ..” වැඩ භාරගත් සනත් කියයි.!

පසුගිය 1 වැනිදා සිට වසර 2026 මාර්තු 31 වැනිදා දක්වා මාස 18ක කාලයක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය මහතා පවසන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය නිකුත්කරමින් කියා සිටියේ, පසුගිය ජූලි මස අග භාගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවෙකු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය යටතේ ශ්‍රී ලංකා පිල ඉන්දියාවට, එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි තරගවලදී සාර්ථකව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බවයි.

ජයසූරිය මහතා යටතේ ශ්‍රී ලංකා පිල වසර 27කට පසු එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කිරීමට සමත්වූ අතර, අනතුරුව එංගලන්ත සංචාරයේ තුන්වැනි ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ද සමත්විය.

එම සාර්ථකත්වය හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාව දක්වා ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබූ අතර, එහිදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වීමත් සමඟ ජාතික කණ්ඩායමේ නිත්‍ය පුහුණුකාර ධුරයට ඔහු තෝරා ගැනිණි.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා පිලේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස සිය පළමු රාජකාරිය ලබන 13 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වන අතර, පසුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී කොදෙව් පිලට එරෙහිව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ජයසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, කණ්ඩායම තුළ තමාට ප්‍රියතමයින් කිසිවෙකුත් නොමැති අතර නිතරම රට වෙනුවෙන් හොඳම කණ්ඩායම ක්‍රීඩා කළ යුතු බවයි.

එමෙන්ම තමා සිය වගකීම හරියට කළේ නැතිනම් තමාගෙන් පසු නැවත දේශීය පුහුණුකරුවකුට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ජයසූරිය මහතා අවධාරණය කළේය.

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ බුද්ධි මෙහෙයුමෙන් ජංගම දුරකතන 53ක් සොයා ගනී.!

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ බුද්ධි මෙහෙයුමෙන් ජංගම දුරකතන 53ක් සොයා ගනී.!

පෙරේදා (06) පෙරවරුවේ සහ පස්වරුවේ බන්ධනාගාර බුද්ධි අංශය විසින් ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටු තුළ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 53ක් සොයා ගත් බව වාර්තා වෙයි.

මෙම ජංගම දුරකතන තොගය බන්ධනාගාරයේ ‘A ’ සහ ‘B’ සිර වාට්ටුවලින් සොයාගෙන ඇති අතර ඊට අමතරව චාජර්, ඩේටා කේබල් ඇතුළු තවත් උපාංග රැසක් ද සොයාගෙන ඇත.

සොයාගත් ජංගම දුරකතන අතර නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතන 07ක් ද තිබී ඇති අතර ඒවා සිරවාට්ටුවල බිත්ති සහ පැදුරු, කොට්ට තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් බුද්ධි අංශ නිලධාරීන් සෝදිසි මෙහෙයුම සඳහා සිර වාට්ටුවලට ඇතුළු වීමත් සමඟම ඇතැම් සිරකරුවන් තමන් සතුව තිබූ ජංගම දුරකතන සිරමැදිරිවල ජනේලවලින් පිටත විසිකර ඇතැයිද වර්තා වේ.

හිස් වූ CID අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක්.?

හිස් වූ CID අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක්.?

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාරගත් රවී සෙනෙවිරත්න මහතා විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කිරීමටයි යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

2007 වසරේ නොවැ­ම්බර් 03 වනදා ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වූ මුතුමාලගේ මහත්මිය පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­ර සිටී.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධියක් (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධියක් සහිත නිලධාරිනියකි.

ඒ සඳහා මුතුමාලගේ මහත්මිය පත්වුවහොත් ඇය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඉතිහාස ගත වනු ඇත

මුතුමාලගේ මහත්මිය මිට පෙරද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද කටයුතු කර ඇත.

ඉන් පසුව 2021 වසරේ ජූනි මාස­යේ­දී ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්කර තිබෙනවා.

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සජිත් හර්ෂ පැරදවීමේ උත්සාහයක.!

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමේ උත්සාහයකක කිසියම් කණ්ඩායමක් නිරතව සිටිනා බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනා භාරත තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කළේය.

ඔහු පවසන්නේ හර්ෂද සිල්වා පරාජය කිරීමට විරුද්ධ පක්ෂ අපේක්ෂකයින්ට අවශ්‍ය බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බැවින් ඔහු මේ පවසන්නේ පක්ෂ අභ්‍යන්තරයෙන් තමාව පැරදවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වූ කාරණාවක් බවයි.

සජබ අභ්‍යන්තරයේ මේ වනවිට පක්ෂ නායකත්වය සඳහා උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැන නැගී ඇති බව ඔහු පෙන්වා දෙයි.

තෙන්නකෝන් මහතාගේ විෂ්ලේශනයේ වැඩිදුරටත් පැවසෙන්නේ සජබ තරුණ මන්ත්‍රීවරු අතර හර්ෂ ද සිල්වා පක්ෂ නායකත්වය සඳහා සුදුසු බවට ඇතිවී තිබෙනා කතාබහ වර්තමාන නායකත්වයට එල්ල වී ඇති අභියෝගයක් බැවින් හර්ෂ ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීමේ මෙහෙයුමක නියැලී සිටින්නේ අන් කිසිවකු නොව සජිත් ප්‍රේමදාස මහතා බවයි.

වසර 10ක් පුරා බදු නොගෙවූ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිපිරි ගෙට.!

වසර 10ක් පුරා බදු නොගෙවූ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිපිරි ගෙට.!

වසර දහයක් පුරා රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක (32,512,815.56) වැටි බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි චෝදනා ලබා සිටි පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන අඹු සැමි යුවලකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා විසින් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් අද (07) නියම කළේය.

බදු මුදල ගෙවීම සඳහා වසර 5ක සහන කාලයක් ලබා දෙන ලෙස වග උත්තරකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ 2014 වසරේ ගෙවිය යුතු වැට් බදු මුදල් වසර දහයක් තිස්සේ නොගවා පැහැර හැරී ඇති පසුබිමක තවත් වසර පහක සහන කාලයක් ලබා දුනහොත් වසර පහළොවක් නොගොවා පැහැර හැරී බද්දක් වන බැවින් අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව එය කළ නොහැකි බවයි.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනුකළ නඩුවකට අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 ඔක්තෝම්බර් මස 03 දින අදාල බදු මුදල් ගෙවන ලෙසට වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කර ඇති නමුත් එම නියෝගයට එරෙහිව වග උත්තරකරුවන් විසින් අභියාචනයක් ගොනු කර ඇති අතර අදාල අභියාචනය සලකා බැලූ මහාධිකරණය පසුගිය 2024 පෙබරවාරි 29 වැනි දින අභියාචන පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කළේය.

කෙසේවෙතත් මහාධිකරණය විසින් අභියාචනය නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව වග උත්තරකාර පාර්ශවය විසින් අභියාචනාදී කරණය හමුවේ රීට් පෙත්සමක්ද ගොනු කල අතර එම රීට් පෙත්සමද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප් පෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් බදු ගෙවීමට තවත් වසර පහක සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගෙවීම් සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කළ නමුත් කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පනතේ විධිවිධාන ප්‍රකාරව එවන් අවස්ථාවක් ලබා දිය නොහැකි බවට සඳහන් කරමින් අදාළ නියෝග නිකුත් කරමින් බදු මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය.