Foreign news (Sinhala)

චීන රොකට්ටුවක් හදිසියේම කඩා වැටෙයි.!

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් සදහා දියත් කිරීමෙන් පසු කඩා වැටුණු බව එහි Space Pioneer සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Tianlong-3 රොකට්ටුවේ පළමු අදියර අත්හදා බැලීමකදී එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන් වූ විට මෙම අනතුර සිදුව ඇති අතර එය මධ්‍යම චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇත.

රොකට් බොඩි සහ පරීක්ෂණ වේදිකාව අතර සම්බන්ධතාව ව්‍යුහාත්මක අසාර්ථකත්වය හේතුවෙන්, පළමු අදියර රොකට්ටුව දියත් කිරීමේ පෑඩ් එකෙන් වෙන් කරන ලදි බව බීජිං ටියැන්බිං තාක්ෂණ ලෙස හැඳින්වෙන අභ්‍යවකාශ පුරෝගාමියා සදහන් කරයි.

රොකට්ටුව දියත් කිරීමෙන් පසු ඔන්බෝඩ් පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වූ අතර රොකට්ටුව පරීක්ෂණ වේදිකාවේ සිට කිලෝමීටර් 1.5ක් නිරිත දෙසින් පිහිටි ගැඹුරු කඳුකරයට කඩා වැටුණු බවත් එහි කොටස් කන්දට වැටී විසිරී ගිය බවද සදහන් කරයි.

මෙම රොකට්ටුව අත්හදාබැලීමට පෙර එම ප්‍රදේශයේ සියලුම ජනතාව ඉවත් කර ඇති බැවින් කඩා වැටීමෙන් පසුව කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව එම සමාගම සදහන් කරයි.

අමෙරිකානු ජනාධිපති බයිඩන්ට ඉල්ලා අස්වී ගෙදර යන්න කියයි.!

අමෙරිකාව වෙනුවෙන් කළ හැකි උපරිම සහ එකම සේවය වන්නේ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම බව එරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් සදහන් කරයි.

ජනාධිපති ජෝ බයිඩ්න් වසර 50 කට වැඩි කාලයක් ඇමෙරිකාවට සේවය කර තිබෙන බවත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔහුට කළහැකි හොඳම දෙය නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වීම බව නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය සදහන් කරයි.

ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩ ලබාදීම සුදුසු බවත් ජෝ බයිඩන්ට වඩා රටට සේවය කළ හැකි බොහෝ දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බව නිව් යෝර්ක් පොස්ට් පුවත්පතේ කතෘ මණ්ඩලය සදහන් කරයි.

තවද ජනාධිපති බයිඩ්න්ට එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වී ගෙදර යාමට කාලය එළඹ ඇතැයි පවසමින් ලිපි 6ක් පළ කිරීමට ඇමෙරිකාවේ ඉහළ ගරුත්වයක් හිමිකරගෙන තිබෙන ඇට්ලාන්ටික් වෙබ් අඩවිය පියවර ගෙන ඇත.

සුපිරි පිතිකරු විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ක්‍රිකට් පිටියෙන් සමුගනී.!

විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාත් කෝලි විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බව සදහන් කර ඇත.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගත්තේ 2007 වසරේ සැප්තැම්බර් (19) වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

එතැන් සිටි මේ දක්වා නායක රෝහිත් ෂර්මා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුහුණ දුන් තරග 159ට රැස්කර ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231කි.

ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි (12) වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

සුපිරි පිතිකරු විරාත් කෝලි එතැන් සිට විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුහුණ දුන් තරග 125කට රැස්කර ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,188කි.

විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව නිවේදනය කිරීමෙන් පසුව කණ්ඩායමේ උප නායක හර්දික් පාණ්ඩ්‍යා සදහන් කළේ, සියල්ලන්ටම ඔවුන් මග හැරෙනු ඇති නමුත් එම අවස්ථාවේදී මෙම ජයග්‍රහණය ඔවුන්ට අපට දිය හැකි හොඳම සමුගැනීම බවයි.

විස්සයි විස්ස ලෝක ශූරයන් ඉන්දියාව.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 07කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 169ක් පමණි.

ඒ අනුව ⁣2024 විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉතා භයානක නව කොවිඩි ප්‍රභේදයක්.. අනතුරු අඟවයි.!

මේ වනවිට කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බවත් ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවද අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සදහන් කරයි.

SARS-CoV-2 Omicron ප්‍රභේද KP.2, KP.3, සහ LB.1 අමෙරිකාවේ ඉහළ ව්‍යාප්තියක් පවතින බවත් KP.3 අමෙරිකාවේ නව COVID-19 රෝගවලින් ආසන්න වශයෙන් 33% ක් බවත් JN.1, KP.2, KP.3, LB.1, සහ අනෙකුත් Omicron වල මෑතකාලීන මතුවීම් පෙන්නුම් කරන බවද සදහන් කරයි.

වෛරස සෑම විටම විකෘති වන බැවින් නව කොවිඩි වෛරස ප්‍රභේදයක් ඇතිවීම සිදුවන බවත් නව විකෘති SARS-CoV-2 වෛරසය වයිල්ඩ් කාඩ් එකක් ලෙස පවතින බවත් එය දිගටම විකෘති වීමට හැකි බවද බෝවන රෝග විශේෂඥ ස්කොට් රොබට්ස් සදහන් කරයි.

නව විකෘති වු වෛරසය මතුවුයේ කුමන ස්ථානයෙන් ද කියා කිසිවෙකු දන්නේ නැති බවත් එය ආසාදන සහ රෝහල්ගතවීම් සාමාන්‍යයෙන් ඉහළ යන බවත් එළඹෙන ශීත සෘතුවට පෙර එම වෛරසය පැතිර යන්නේ නම් නව COVID එන්නතක් හදුන්වා දිය යුතු බවද විශේෂඥ ස්කොට් රොබට්ස් සදහන් කරයි.

මිනිසුන්ට රෝග ලක්ෂණ නොමැති වුවද, ප්‍රජාවක් තුළ සංසරණය වන SARS-CoV-2 හදුනාගැනීමට හැකි වු බවත් නව වෛරසය ජනතාව තුළ ආසාදන මට්ටම් වැඩි වීමක් හෝ අඩු වීමක් සිදුවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් කරන බවද විශේෂඥ ස්කොට් රොබට්ස් සදහන් කරයි.

මෙම නව වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

දවස් හතරට පන්සියයක් මරුට.!

අසල්වාසී පාකිස්තානයේ දේශගුණික ව්පර්යාස හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි විමෙන් එරට විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 500 අධික සංඛ්‍යාවක් ඉකුත් දින හතරක කාලයේ දී මියගොස් ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.

එරට ක්‍රියාත්මක වන ඒඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරයේ සිට මෘත ශරීරාගාර වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ නමුත් ඉකුත් සිකුරාද‍ා සිට බදාදා දක්වා ගත වූ දින 6ක කාලයේ දී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බව පාකිස්තානු මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් අධික උණුසුම් තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ලෝක කුසලානයේ අවසන් මහා සටන අදයි.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය.

දිල්ලි ගුවන්තොටුපොළේ විනාශයක්.. තිදෙනෙක් මරුට.!

අද (28) උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුනේ එම අනතුර හේතුවෙන් මේ වනවිට 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවත්, ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්ය.

වහලයේ කොටස් කඩාවැටීමෙන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

මේ වනවිට ගුවන්තොටුපොළ පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඉන්දියානු සහන සේවා කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බව දිල්ලි ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රසිද්ධ විවාදයක.. දෙදෙනාම රෙදි ගලවා ගනී.!

එළැඹෙන නොවැම්බර් (05) වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN රූපවාහිනිය මගින් සංවිධානය කළ විවාදයට සහභාගී ඇත.

ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ විවාදයකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර එම විවාදයට බාධා කිරීම් අවම කිරීමට එක් අපේක්ෂකයෙක් කතා කරන විට අනෙක් අපේක්ෂකයාගේ මයික්‍රෆෝනය නිහඩ කර ඇත.

CNN රුපවාහිනි නාලිකාව එම විවාදය සජීවීව විකාශය කළ එම විවාදය රටේ විශාල පිරිසක් නරඹා තිබුණ ද විචාරකයින් පවසන්නේ ඔවුන් දෙදෙනා “බොරු කියන” බවට එකිනෙකාට චෝදනා කරගත් බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩන් ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ විදෙස් ප්‍රතිපත්ති විවේචනය කළ අතර බයිඩන්, ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් හා 2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කළේය.

තවද ස්ටෝමි ඩැනියෙල්ස් නම් නිල් චිත්‍රපට නිළියක් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තිබූ සම්බන්ධතාව ගැන ජෝ බයිඩන් මෙම විවාදයේදී කරුණු දක්වා තිබූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මෙම විවාදයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රතිචාර සහ සමහර උත්තර සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ඩිමොක්‍රටික් ආධාරකරුවන් සතුටු නොවු බව දේශපාලන විචාරකයෝ සදහන් කරයි.

බොරතෙල් මිල ඉහළට.!

මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 74ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86යි ශත 03ක් ලෙස සටහන්ව ඇත.