Foreign news (Sinhala)

ඉන්දියාවේ ආරක්ෂාව තර කර මෝදි දිවුරුම් දෙයි.!

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය පසුගියදා සමත් විය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය සඳහා නැවතත් තේරී පත් වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) දින ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හීදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම උත්සවය සදහා අසල්වැසි රටවල රාජ්‍ය නායකයින් ඇතුළුව 8,000ක පමණ පිරිසකට ආරාධනා කර ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව ඇත.

මේ අතර දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇති අතර අගනුවර ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බවත් මහජන ඒකරාශී වීම් තහනම් කරමින් රාශ්ට්‍රපති බවන් අවට කමාන්ඩෝ නිලධාරීන් සහ ස්නයිපර්වරුන් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද අවට ඩ්‍රෝන යානා මගින් නිර්ක්ෂණය කරන බවත් රාජ්‍යතාන්ත්‍රිකයින් නවාතැන් ගන්නා හෝටල් අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුරුළු උණ හේතුවෙන් ලොව පළමු පුද්ගල මරණය වාර්තා වෙයි.. තවත් වසංගතයක මුලපිරීමක් ලෙස අනතුරු අඟවයි.!

මීට පෙර මිනිසුන් තුළ තහවුරු නොවූ කුරුළු උණ රෝගයක් වැළඳීමෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙකු මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා (05) ප්‍රකාශ කළේය.

මෙක්සිකෝ නගරයේ රෝහල් ගත කර සිටි 59 හැවිරිදි රෝගියෙකුගෙන් මෙසේ වෛරසය පිළිබඳ අනාවරණය වී ඇත.

එම රෝගියා තුල උණ, හුස්ම හිරවීම සහ පාචනය වැනි සංකූළතා ඇතිවී සතියක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පැවසේ. එය H5N2 ලෙස හැඳින්වෙන කුරුළු උණ වයිරස ප්‍රභේදය මිනිසෙකුට වැළඳීමේ පළමු අවස්ථාව ලෙස රසායනාගාර පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති ඇත.

මධ්‍යම මෙක්සිකෝවේ ජීවත් වූ මියගිය රෝගියා සතුන්ට නිරාවරණය වී ඇති බවක්ද තහවුරු වී නොමැති බවද පැවසේ. එම පුද්ගලයා ජීවත් වූ මෙක්සිකානු ප්‍රාන්තයේ කුකුළු මස් වල කුරුළු උණ වාර්තා වී ඇතත් ඔහු වෛරසයට නිරාවරණය වූයේ කෙසේදැයි මෙතෙක් ස්ථිරව හඳුනාගෙන නැත.

මෝදි රනිල් සජිත් මහින්ද සහ ෆොන්සේකා වෙත තුති පුදකරයි.!

ඉන්දීය නව ජනාධිපති නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු X සටහනක් නිකුත්කරමින් තමාගේ ජයග්‍රහණයෙන් පසු සුභ පැතුම් එක්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට ස්තූතිය පුද කර ඇත.

එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබුනේ ශ්‍රි ලංකාව සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නරේන්ද්‍ර මෝදි වෙත සුභපැතුම් එක් කරමින් සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රි ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරිමට අපේක්ෂා කරන බව පවසා තිබුනි.

Tik Tok සයිබර් ප්‍රහාරයකට.!

TikTok ගිණුම් රැසක් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් එම ගිණුම් තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව චීනයේ ByteDance සමාගම සදහන් කරයි.

සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකුට අයත් TikTok ගිණුම් එලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බවද සදහන් කරයි.

පැරිස් හිල්ටන්, CNN පුවත් සේවය ඇතුළු සන්නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවද සදහන් කරයි.

කෙසේ වෙතත් චීන සමාගමක් වන ByteDance සතු TikTok සයිබර් ප්‍රහාරය සිදුකළ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කර නොමැත.

ඉන්දීය අගමැති මෝදි දිනයි.!

දින කිහිපයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට රටේ ජනතාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට ස්තූතිය පිරිනමා ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඇෆ්ගනුවෝ උගන්ඩාවෝ පොළොවේ ගසයි.!

ප්‍රොවිඩස් හිදී උගන්ඩා කන්ඩායම ලකුණු 125කින් පරාජය කළ ඇෆ්ගනිස්තාන කඩායම T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වැනි විශාලතම ජයග්‍රහණය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රාහිම් සද්‍රාන් (පන්දු 46 කදී ලකුණු 70) සහ රහ්මානුල්ලා ගුර්බාස් (පන්දු 45 කදී ලකුණු 76) ලබාගනිමින් ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනඟා ගත් අතර එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි විශාලතම ආරම්භක කඩුලු සබඳතාවයයි.

ඕවර 14ක් අවසානයේ ඇෆ්ගනිස්තානය ලකුණු 152/0ක් ලෙසින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටියේය. නමුත් සද්‍රාන් සහ ගුර්බාස් දැවී යාමත් සමඟ වේගය තරමක් මන්දගාමී කළ ඇෆ්ගන් කණ්ඩායම අවසන් ඕවර පහේදී රැස් කළේ ලකුණු 27ක් පමණක් වන අතර අවසන් ඕවර හයේ දී එකදු හතරේ පහරක් හෝ එල්ල නොකළහ.

සී කාණ්ඩයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ලබාගත් 183/5ට පිළිතුරු ලෙස T20 ලෝක කුසලානයේ මංගල ක්‍රීඩකයන් වන උගන්ඩාවට රැස් කරගත හැකිවූයේ ලකුණු 58ක් පමණි.

කැරිබියන් දූපත් හි ඊයේ දිනයේ පැවති තරඟයේදී, උගන්ඩාවේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ඉලක්කම් ද්විත්වයක ලකුණු ලබාගැනීමට සමත්විය. ඒ රොබින්සන් ඔබුයා (14) සහ රියාසාත් අලි ෂා (11).

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණ 03 ලෙස ශ්‍රී ලංකාව ලකුණු 172කින් කෙන්යාව පරාජය කිරීම, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ලකුණු 130කින් ස්කොට්ලන්තය පරාජය කිරීම සැළකේ.

ලෝක කිරුළ ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇදහිය නොහැකි මුදලක්.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර අනුශූරයින් සඳහා ලබාදීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.28ක් වේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 787,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර සමස්ත තරගාවලියේ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 11.25කි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා මේ දක්වා වෙන්කර ඇති වැඩිම ත්‍යාග මුදල මෙය බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

ඉන්දීය මහ මැතිවරණය අතරතුර මැතිවරණ නිලධාරීන් 33ක් ජීවිතක්ෂයට.!

ඉන්දීය මහ මැතිවරණය ඊයේ (2) අවසන් වූ අතර එම මැතිවරණය දින 44 ක් පුරාවට, අදියර 7 ක් යටතේ ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඔස්සේ පැවැත්වූ අතර, මැතිවරණ නිලධාරීහු මිලියන 15 ක් මැතිවරණ රාජකාරිවල නිරතව සිටියහ.

ඉන්දීය මාධ්‍ය විසින් සඳහන් කරනා ආකාරයට එරට මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරිවල යෙදී සිටි මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු උෂ්ණත්වය දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත‍යේ දැඩි උණුසුම් කාලගුණයක් පවතිනා අතර ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 පසු කර ඇති බව සඳහන්.

ඉන්දීය රජය විසින් එසේ මියගිය සෑම නිලධාරියකු වෙනුවෙන්ම ඉන්දීය රුපියල් මිලියන 1.5 ක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව පැවසේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වනවිට එරට පුරා මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 ක් බව වාර්තා වේ. එම මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිස්ෂා යන ප්‍රාන්තවලිනි.

ඊශ්‍රායලය සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරයි.!

ඊශ්‍රායලය විසින් සිරියවේ ඇලෙප්පෝ නගරය ආසන්නයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශවලට ඊශ්‍රාලය විසින් එල්ල කළ දෙවන ගුවන් ප්‍රහාරය මෙය වන අතර පසුගියදා බනියාස් නගරයක් වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ස්වීඩනයේදී යුපුන් පළමු තැනට.!

ශ්‍රී ලංකා ක්‍රිඩක යුපුන් අබේකෝන් ස්වීඩනයේ Stockholm හි පැවැත්වුණු Diamond League තරගාවලියේදී මීටර් 100 ඉසව්වෙන් පළමු ස්ථානය ලබාගැනීමට සමත් විය.

මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක කාලයක් සමඟින් යුපුන් අබේකෝන් තරගය නිමාකළ අතර මෙම කාලය ඔහුගේ පෞද්ගලික හොඳම තරග නිමි කාලවලට වඩා තරමක් පහතින් සටහන් වේ.