අද (08) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම පිරිසිදුකාරක ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දමා ඇති බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව සියලුම පිරිසිදුකාරක ද්‍රව්‍ය මිල ගණන් 25%කින් ඉහළ දමා ඇති බව එම සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න සඳහන් කරයි.
සබන් කුඩු කිලෝවක මිල රුපියල් 75කින් වැඩි කරයි.
පිගන්, කෝප්ප සෝදන දියරය රුපියල් 105කින් වැඩි කරයි.
වැසිකිලි සේදුම්කාරක දියරය රුපියල් 115කින් වැඩි කරයි.
අත් සේදීම් දියරය රුපියල් 120කින් වැඩි කරයි.
වාහන සේදුම් දියරය රුපියල් 100කින් වැඩි කරයි.
වායු නැවුම් කාරක 500ml රුපියල් 100කින් වැඩි කරයි.
විශබීජ නාශක දියරය 500ml රුපියල් 225කින් වැඩි කරයි.
තවද මෙයට අදාළ අනෙකුත් පිරිසිදුකාරක ද්‍රව්‍ය සහ දියර වර්ග 25%කින් වැඩි කර ඇත.

