හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් හමුවේ කැඳවනු ලැබීය.
එම නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් අධිකරණයට භාරදුන් අතර අනතුරුව එම ලේඛනවල පිටපත් විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට විනිසුරුවරයා නියම කළේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඉදිරි දින අවසන් කළ යුතු බවට පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.
පසුව රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස (11) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

