ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය.!

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි.

ආරක්ෂක ලේකම්වරයා සම්ප්‍රාප්ත වීමත් සමග යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් වමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබීය.

අනතුරුව යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර ඔහු යුධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද සාකච්ඡාවක නිරත විය.

සිදුවිය හැකි කැරලි, ස්වභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා අගය කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments