GMOA වෛද්‍යවරුන් විසින් සිදුකරන වැඩවර්ජනය අසාධාරණ බවත් ඒ සඳහා රජය මුහුණ දෙන්න සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මෙම වෛද්‍යවරුන් තවදුරටත් වර්ජනය සිදු කරනවා නම්, ඔවුන් තවදුරටත් මේ විදිහට හැසිරෙනවා නම් ඔවුන් සමඟ සාකච්ඡාව කරන්නේ නැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය සමඟ අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“දවස් 5ක් වැඩවර්ජනයක් කරලා තියෙනවා. එක පැත්තකින් මැද පෙරදිග අර්බුදයක් පවතින වෙලාවක මෙහෙම වැඩවර්ජනයක් කරන එක කිසිම සාධාරණයක් නෑ.
අනිත් එක මේකට හේතුව කරගෙන තියනේනේ, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම. ඒ පත්වීම් ලැයිස්තුව සකස් කරන්න GMOA සිටිය යුතුයි කියන ස්ථාවරයේ සිටිමින්, ඔවුන් වැඩවර්ජනය කරනවා.”
“මේ දේශපාලන අරමුණු වෙනුවෙන් කුඩා කල්ලියක් කරන වැඩවර්ජනය තවදුරටත් කරගෙන යන්න එපා කියන ඉල්ලීම මම කරනවා. කොහොමටත් මේ විදිහට නම් හැසිරෙන්නේ අද ලබාදීපු සාකච්ඡාවක් මම කරන්නෑ.
මේ විදිහට නම් හැසිරෙන්නේ, ඒ සාකච්ඡා වැඩක් නෑ. එනිසා ඒ සාකච්ඡා GMOA එකටත් ලබා දෙන්නේ නැත. මේ වැඩවර්ජන අසාධාරණයි. අපි ඒක රජය හැටිය මුහුණ දෙන්න සූදානම්.”

