2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර ඇත.
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් එම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කර ඇත.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ හෙට (05) දින පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුව බව සඳහන් කරයි.
