වසර 75කට පසු ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක්

වසර 75කට පසුව ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයකට මෙවර මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසර අගවනවිට එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගෝලීය පුරෝකථන අනුව මෙම එල්-නිනෝ තත්ත්වය ශක්තිමත්ව වර්ධනය වන බවත් එය මේ වසර අවසන් වනතුරුම පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ සඳහන් කළේ,

මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ.

මේ වසරේ ඇතිවන එල්-නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල්-නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල්-නිනෝ තත්ත්වය ඒ සියලුම එල්-නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝතකනය වෙනවා” 

0 Comments
Most Voted
Newest Oldest