කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වනවිට තද වැසි ඇදහැලෙමින් පවතියි.
ඒ අනුව ඉදිරි පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පිළිබඳ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.
ඉදිරියේදී ගඟෙහි ජලමට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම්දීමක් කරයි.

