තෙල් සංස්ථාවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

අද (15) උදෑසන 6.00 සිට “QR” කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් මුලින්ම අවස්ථාව ලබාදී ඇත්තේ මීට පෙර “QR” කේතය ලබාගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර “QR” කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා “QR” කේතය ලබාගත හැකි වන බවද අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මේ වනවිට දිනයින පුරා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් “QR” කේතය ක්‍රියාත්මක කළද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බවද එම සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධව මේ වනවිට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවද අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,

“පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.”

මේ අතර රට ගැන සිතා අනවශ්‍යය ලෙස ඉන්ධන පරෙභෝජනය සිදු කිරීමෙන් වළකින ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“සමස්ත ජනතාවගෙන් මේ වෙලාවේ රජයක් හැටියට ඉල්ලන ඉල්ලීම නමා නමන්ගේ පවුල ගැන විතරක් නෙමේ රට ගැනත් නිතන්න. ඒ නිසා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සාධාරණීකරණය කරගන්න. ගෙදර තෙල් තියෙනවා කියලා හිතාගෙන දුවනවා වෙනුවට යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments