සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

අද (15) සිට “QR” කේතය නැවත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මහජනතාවගේ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබයක් සහ දැඩි පෝලීමක් නිර්මාණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය පියවර ගත් බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ,

“මේකට කළබල විමක් අවශ්‍ය වෙන්නේ නෑ. QR කේතය හඳුන්වා දුන්නාට පස්සේ තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ වාහන කාණ්ඩය අනුව ලබා දෙනවා. මහජනයා අනවශ්‍ය කලබල වීමක් පෙන්නුම් කරලා තියන නිසා තමයි ෂෙඩ්ලඟ මෙච්චර මිනිස්සු පිරිලා ඉන්නේ.

ඒක නිසා අපි පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඒ අදාළ තැන්වලට අපි ආරක්ෂාව සඳහා දාලා තියෙනවා. මහජනයා කලබල නොවුණා නම් මේ ප්‍රශ්නය එන්නේ නෑ.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments