ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට රජය සමාව අයැද සිටිය යුතුයි

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව රජය විසින් සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්‍ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන් බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest