රටේ ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් රථවාහන වැරදි සඳහා “Gov Pay” ක්‍රමවේදය මගින් දඩ මුදල් ගෙවීම මෙම වසර මුලදී හඳුන්වා දුන්නේය.
එහෙත්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවිය හැකි “Gov Pay” ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
එම ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි, කෙටි පණිවුඩ සහ Whatsapp පණිවුඩ ලෙස ජංගම දුරකථන වලට එවා ජනතාවගේ මුදල් සොරාගැනීම මෙම ජාවාරමේදී සිදුවන බව පොලිසිය සඳහන් කරයි.
“Gov Pay” හරහා ගෙවීමට වෙනත් කිසිඳු වෙබ් අඩවියක් නොමැති බැවින් එම ව්‍යාජ මූල්‍ය වංචා වලට අසු නොවෙන ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර ජනතාවට දැනුම් දෙයි.
රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,
“පැහැදිලිවම කියනවා මේක සම්පුර්ණයෙන් ව්‍යාජ පණිවිඩයක්. Scam එකක්. රථවාහන වැරදි සඳහා ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි “Gov Pay” හරහා. ඒක අපි ලංකාවට හදුන්වා දුන්නා.”
