By unusuma.lk on
(LK time)වර්තමානයේ රජයේ අමාත්‍යාංශ සතු අධික ඉන්ධන පරිභෝජනයක් සහිත, අති සුඛෝපභෝගී වාහන 254ක් ප්‍රසිද්ධ වෙන්දේසියක වෙන්දේසි කිරීමට රජය විසින් තීරණයක් ගෙන ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම තීරණයට හේතූ වී ඇත්තේ අදාළ සුඛෝපභෝගී මෝටර් රථ නඩත්තු කිරීම සදහා රජයට අති විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබේ.
මින් පෙර මැති ඇමතිවරුන් විසින් භාවිත කරන ලද අති සුඛෝපභෝගී වාහන මෙලෙස වෙන්දේසි කිරීමට සූදානම්ව ඇති බව පැවසේ.