By unusuma.lk on [last-modified] (LK time)
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බවයි.
අදාළ ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසා සිටියේය.
මේ අතර, ඊයේ (08) සවස 4ට දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට අදියර 2 යටතේ අවදානම් සිටින ලෙස ද නිවේදන නිකුත් කර තිබේ.
මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට වූ නිවේදනය තවත් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කට අදාළව නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසා සිටියේය.
ඊශානදිග මෝසම් වැස්ස යම් තරමකට ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බැවින් අනතුරුදායක ස්ථානවල සිටින ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙසත් ආරක්ෂිත ස්ථාන වෙත සිටින ජනතාව එම ස්ථානවලම රැඳී සිටින ලෙසත් පවසා සිටි ඒ මහතා, අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින ලෙසත් පැවසීය.
එසේ නොමැති වුවහොත් ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි බව ද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේය






