කේරළයේ දරුණු නායයෑමෙන් මියගිය ගණන ඉහළට.. අගමැතිගෙන් ප්‍රකාශයක්.!

අද (30) දින ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවූ දැවැන්ත නාය යෑම් හේතුවෙන් මේ වනවිට 45ක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මෙප්පාදී නම් ප්‍රදේශයේදී එම නාය යෑම සිදුව ඇති අතර සිරවී සිටින පුද්ගලයින් බේරාගැනීමට ගිනි නිවීමේ සහ මුදාගැනීමේ, සිවිල් ආරක්ෂක, හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින් 250 ක් එක්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අධික වර්ෂාව හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇති අතර එම නාය යෑමට ගොදුරු වූ සමහර පුද්ගලයින් චලියාර් ගංගාවේ ගසා ගෙන යන්නට ඇතැයි ද සැක කරයි.

නායයෑම් වලින් සිදුවූ ජීවිත අහිමිවීම් පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කළ අතර අර්බුදයට මුහුණ දීම සඳහා මධ්‍යස්ථානයෙන් හැකි සෑම උපකාරයක්ම කිරීමට මහ ඇමැති පිනරායි විජයන් පියවර ගෙන ඇත.

මේ වනවිට මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන බවත් තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.