දැඩි උණුසුම නිසා ජීවිතය අනතුරේ.. මරණය.?

LIVE

උණුසුම් කාලගුණය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

සමේ ඇතිවන කුෂ්ඨ සහිත තත්ත්වයන්, මස්පිඩු පෙරළීම මෙන්ම අධික උෂ්ණත්වයට නිරාවරණය වීම තුළින් ජීවිත පවා අහිමි වීමේ හැකියාව පවතින බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එළිමහන් ස්ථානවල කාර්යයන් සිදුකරනු ලබන පුද්ගලයින්ද, කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිසට ද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එම තත්ත්වයට මුහුණදීමේ වැඩිම අවදානමක් ඇති කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන රෝග, නිදන්ගත රෝග පවතින පුද්ගලයින් හඳුනාගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළාය.

එනිසා ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇදීම, හිස ආවරණය කිරීම සහ විශේෂයෙන්ම නිදන් ගත රෝග ඇති පුද්ගලයින් ඖෂධ නිසි මාත්‍රාවට භාවිත කිරීම ඉතා වැදගත් සාධකයක් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

පාසල් ළමුන් සුරක්ෂිත කර ගැනීම සඳහා දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සිදුකර ඇති බවත් දරුවන්ට පාසල් අවසන්වන වේලාවට හිස් ආවරණයක්, කුඩයක් භාවිත කළ යුතු බවත් අනවශ්‍ය ලෙස එළිමහනේ සෙල්ලම් කිරීම අවම කිරීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර සඳහන් කළේ,

සම වියළීමක් වෙන්න පුළුවන් මේකට වතුර පුළුවන් තරම් බොන්න ඕනි. වතුර බීම තුළින් ඒ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. එතුළින් මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. උණු කරපු සිසිල් පැන් භාවිතා කරන්න. සිසිල් කියන්නේ ශීත කරපු වතුර කියන එකම නෙවෙයි.”

අද (19) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

1 Comment
Most Voted
Newest Oldest