ඉරානයේ සවුත් පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවේචනය කර ඇත.
තම Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කළේ, පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ එම ක්‍රියාව බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,
“මැදපෙරදිග සිදුවන දේ පිළිබඳ කෝපයෙන් පසුවන ඊශ්‍රායලය, ඉරානයේ ‘සවුත් පාර්ස්’ නම් දැවැන්ත ගෑස් නිධියට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දී තිබේ. එම සමස්ත පද්ධතියෙන් සාපේක්ෂව කුඩා කොටසකට පමණක් ඉන් හානි සිදුව ඇත.”
“අමෙරිකාව මෙම ප්‍රහාරය ගැන කිසිවක් දැන සිටියේ නැත. එමෙන්ම කටාර් රාජ්‍යය කිසිම ආකාරයකින් මෙයට සම්බන්ධ නැති අතර එවැනි දෙයක් සිදුවන බව ඔවුන් දැන සිටියේද නැත.”
“අවාසනාවකට මෙන්, ඉරානය මේ කරුණු කිසිවක් දැන නොසිටි අතර, අසාධාරණ ලෙස කටාර්හි LNG මධ්‍යස්ථානයට පහර දුන්නේය. ඉතා වැදගත් සහ වටිනා සවුත් පාර්ස් නිධියට ඊශ්‍රායලය විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කරනු නොලැබේ.”
