ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කරයි.
කෙසේ වෙතත් ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය සම්බන්ධයෙන් ඉරානය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන අතර ඔහු 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
