මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගීන් 203 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.
මෙම රෝගය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
