Advertisements

බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධව මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කරන සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට (09) දින නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ උපදෙස් මත වැඩිදුර වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

මීගමුව මහ රෝහලේ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කෙරුණු මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක් මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව එලෙස මුද්‍රා තබා අධිකරණයට භාර දුන් එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව මූලස්ථාන පොලිසියට නියෝග කළාය.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ඍජු නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ ඍජු අධීක්ෂණය යටතේ මින් ඉදිරියට මීගමුව බන්ධනාගාරය සම්බන්ධයෙන් වන සියලු විමර්ශන සිදු කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest