පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සලේගේ සැලසුමක්.. අධිකරණයේදි හෙළිවෙයි

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ සැලසුම් සහගත මෙහෙයුමක් මත සහ තවත් තිදෙනකුගේ වක්‍රාකාර දැනුවත්භාවය සහිතව මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු අනාවරණය කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ, නිශාන්ත සොයිසා සහ අසාද් මවුලානා නමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කරගනිමින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනම් ලබාගත් නමුත්, සුරේෂ් සලේගේ අසනීප තත්ත්වයෙන් මාස හතරක කාලයක් රෝහල්ගතව සිටීම නිසා විමර්ශන ප්‍රමාද වූ බවත් ඔක්තෝබර් (06) වනදා ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමෙන් පසු පරීක්ෂණ කඩිනම් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel