ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සහ සයිනොපෙක් සමාගම් විසින් අද (05) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි පෙට්රල් මිල ඉහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 515ක් දක්වා ඉහළ යයි.
තවද, මෙම මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගමද සිය ඔක්ටේන් 95 පෙට්රල් ලීටරය රුපියල් 20කින් ඉහළ නංවා ඇත.
