සමාජ මාධ්‍ය ප්‍රවේශය වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.
වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම සඳහා අවධානය යොමුව ඇත.
මේ වනවිට ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

